සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 611

පරමන්න

න. කිරිබත, උතුම්බත. (පි. 368)

පරමනිබ්බාන

න. එනම් නිර්වාණ වාදය. (පි. 368)

පරමමුඛා

අ. අසම්මුඛාර්ථයෙහි. (පි. 368)

පරමසති

ක්‍රි. (√ භු. මස්, ආමසනෙ, ස්පර්ශ කිරීමෙහි +ති) පිරිමදියි, ස්පර්ශ කරයි. (පි. 374)

පරමසුකුමාල

පු. ඉතා සියුමැලි, ඉතා මෘදු. (පි. 368)

පරම්පරා

ඉ. පරම්පරාව, අන්වය, වංශය, පරපුරය. (පි. 368)

පරම්මුඛ

න. අනභිමුඛය, ඉදිරිපස නොවන. (පි. 368)

පරමානු

පු. අනුප්‍රමාණයෙන් තිහෙන් කොටස, සූර්‍ය්‍යා, දැල්කවුලු අතරට ගිය කල්හි යම්සියුම් රජසක් දක්නා ලැබේනම් එයින් තිහෙන් කොටස. (පි. 368)

පරමායු

න. පරමායුසය, ඒකාලවල මනුෂ්‍යයින්ට යන නියම සම්පූර්ණ වයස. (පි. 368)

පරමිට්ඨි

පු. බ්‍රහ්මයා. (පි. 368)

පරරූප

න. අන්‍යයන්ගේ රූපය, පරවූ රූපය. (පි. 368)

පරලොක

පු. අන්‍යභවය, අන්‍යලෝකය. (පි. 368)

පරවම්හන

න. අනුන්ට හෙලාදැකීම. (පි. 368)

පරව්‍යාබාධ

පු. අනුන්ට හිරිහැර කිරීම. (පි. 368)

පරවාද

පු. අන්‍යවාද, දෙසැටදිටු. (පි. 368)

පරවිසය

පු. අනුන්ගේ රට, දනාඅයත් දේශය. (පි. 368)

පරවෙදිය

පු. අනුන් පිළිබඳව තැබියයුතු දේ. (පි. 368)

පරස්සපද

න. අන්‍යයා පිලිබඳ පදය. (පි. 368)

පරහත

පු. අනුන් විසින් පොෂ්‍යය කළ අය, කවුඩා, යාචක. (පි. 368)

පරහර

පු. පරභත, අනුන් විසින් පොෂ්‍යය කල තැනැත්තා. (පි. 368)

පරා

අ. පිරිහීම, පෙරළීම, ගමන්, අතිසයාර්ථ, ප්‍රතිපක්ෂාර්ථ, වික්‍රම, පරාමර්ෂණ යනාදියෙහි. (පි. 368)

පරාජය

පු. පැරදීම. (පි. 368)

පරාජිත

ති. පැරදුනු, පරදවන ලද. (පි. 368)

පරාජෙති

ක්‍රි. (√ භු. ජෙ. ජයෙ, දිනීමෙහි +ති පරා+ජෙ+ති) පරදවයි. (පි. 368)