සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 613

පරිකම්ම

න. ප්‍රතිකර්මය, පිළියම. (පි. 369)

පරිකර

පු. ආභරණ. (පි. 369)

පරිකරොති

ක්‍රි. (√ භු. කර, කරණෙකිරීමෙහි +ති) (පර+කරොති), පිළියම් කරයි. (පි. 369)

පරිකස්සති

ක්‍රි. (√ භු. කස්ස, ගතියං,යෑමෙහි +ති) අඳියි. (පි. 369)

පරිකස්සන

න. ඇඳීම. (පි. 369)

පරික්කමන

න. යාම, බැහැර යාම. (පි. 369)

පරික්කෙලස

පු. කිලුට, කෙළසීම. (පි. 369)

පරික්ඛක

පු. පරික්ෂා කරන්නා, විභාග කරන්නා. (පි. 369)

පරික්ඛති

ක්‍රි. (√ චු. කමු, විජ්ඣනෙ, විදීමෙහි +ති) (පරි+ක්ඛ+ති), පරීක්ෂා කරයි. (පි. 369)

පරික්ඛන

න. පරීක්ෂාව, සෙවීම, විභාග කිරීම. (පි. 369)

පරික්ඛය

පු. ක්ෂය, විනාශවී යාම, ටිකෙන් ටික විනාශවී යාම. (පි. 369)

පරික්ඛා

ඉ. පරික්ෂාව, විපරම. (පි. 369)

පරික්ඛාර

පු. පිරිකර, පරීක්ෂාකාර, ඇඳුම්, බැඳුම් ආදිය. (පි. 369)

පරික්ඛාරික

පු. පිරිකර අයිතිකාරයා. (පි. 369)

පරික්ඛිණ

න. ක්ෂයකළ, ගෙවන ලද. (පි. 369)

පරික්ඛිණන

ති. ක්ෂයකළ, සිඳිනලද. (පි. 369)

පරික්ඛිත

ති. පරීක්ෂා කළ, සෝදිසි කළ (පි. 369)

පරික්ඛිත්ත

ති. වටකළ, පරික්ෂෙප කළ. (පි. 369)

පරික්ඛිපති

ක්‍රි. (√ භු. භිප, භෙපනෙ, තැබීමෙහි +ති) බහයි, දමයි. (පි. 369)

පරික්ඛිපන

න. බැහීම, දැමීම. (පි. 369)

පරික්ඛීයති

ක්‍රි. (√ භු. ඛී. ඛයෙ, ක්ෂයවීමෙහි +ති පරි+ඛීයති), ක්ෂය කරණු ලැබේ. (පි. 369)

පරික්ඛීයන

න. ක්ෂයකළ. (පි. 370)

පරික්ඛෙප

පු. පරික්ෂෙපය, වට කිරීම. (පි. 370)

පරිකිණ්ණ

ති. ගැවසීගත්. (පි. 369)