සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 622

පරිභවති

ක්‍රි. (√ භු. සත්තායං, වීමෙහි +ති), අවමන් කෙරෙයි, නින්දා කරයි. (පි. 373)

පරිභවන

න. නින්දා කිරීම, පරිභව කිරීම. (පි. 373)

පරිභාවනා

ඉ. භාවනා කිරීම. (පි. 373)

පරිභාවිත

ති. වඩනා ලද. (පි. 373)

පරිභාවෙති

ක්‍රි. (√ භු. සත්තායං, වීමෙහි +ණෙ+ති), වඩයි, භාවනා කරයි. (පි. 373)

පරිභාස

පු. ආක්‍රෝශ තෙපුල. (පි. 373)

පරිභාසන

ආක්‍රොෂය, ව්‍යවස්ථා, බැබලීම. (පි. 373)

පරිභාසා

ඉ. දැන්වීම, සංඥා කිරීම. (පි. 373)

පරිභින්දති

ක්‍රි. (√ රු. භිද, විදාරණෙ, දෙපළු කිරීමෙහි +ති), බිඳියි, සිඳියි. (පි. 373)

පරිභින්න

පු. බිඳෙන ලද. (පි. 373)

පරිභුඤ්ජ

ක්‍රි. (√ රු. භුජ, බ්‍යවහරණෙසු, භාවිතයෙහි), අනුභව කරව, වලඳව. (පි. 373)

පරිභුඤ්ජන

අනුභවය, වැළඳීම.
න. අනුභවය, ප්‍රයෝජන ගැනීම. (පි. 373)

පරිභුත

ති. අවමානප්‍රාප්ත, මඩනාලද. (පි. 373)

පරිභුත්ත

ති. අනුභව කළ, වැළඳූ. (පි. 373)

පරිභෙද

පු. බිඳීම. (පි. 373)

පරිභෙදක

බිඳින්නා, කඩාදමන තැනැත්තා. (පි. 373)

පරිභොග

පු. අනුභවය, වැළඳීම, ප්‍රයෝජන ගැනීම. (පි. 373)

පරිභොජනීය

ති. පරිභොග කටයුතු, වැළඳිය යුතු. (පි. 373)

පරිමජ්ජක

පු. පිරිමදින්නා, මිරිකන තැනැත්තා. (පි. 373)

පරිමජ්ජති

ක්‍රි. (√ භු. මජ්ජ, සංසුද්ධියං, සුද්ධියෙහි +ති), පිරිමදියි, මිරිකයි, පොඩිකරයි. (පි. 374)

පරිමජ්ජන

න. පිරිමැදීම, මිරිකීම. (පි. 373)

පරිමට්ඨ

ති. පිරිමැද්ද, මැදපු. (පි. 374)

පරිමණ්ඩල

පු. හාත්පස මඩුල්ල, හාත්පසින් වටවීම. (පි. 373)

පරිමද්දන

න. පිරිමැදීම, මිරිකීම. (පි. 374)