සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 621
පරිපූරක
පු. පුරවන්නා, සම්පූර්ණ කරන්නා. (පි. 372)
පරිපූරකාරී
පු. සම්පූර්ණ කරන්නා. (පි. 372)
පරිපූරණ
න. සම්පූර්ණ කිරීම, පිරවීම. (පි. 372)
පරිපූරති
ක්රි. (√ චු. පූර, පූරණෙ, පිරීමෙහි +ති), සම්පූර්ණ කරයි. (පි. 372)
පරිපූරිත
ති. පිරුණු, සම්පූර්ණ වූ. (පි. 374)
පරිපෙරව
න. දසපූර. (පි. 373)
පරිපොථිත
ති. තලන ලද, පොඩි කළ. (පි. 373)
පරිඵන්දති
ක්රි. (√ භු. ඵදි, චලනෙ, සැලීමෙහි +ති පරි+පන්ද+ති), සැලෙයි, චලනය වෙයි. (පි. 373)
පරිඵන්දන
න. චලනය, කම්පා වීම. (පි. 373)
පරිබද්දහ
පු. වැඩීම, නැවත නැවත මෙනෙහි කිරීම. (පි. 373)
පරිබද්දහති
ක්රි. (√ භු. බද, ථෙරියං, ස්ථිර බැව්හි +ති), වඩයි. (පි. 373)
පරිබද්දහිති
වඩන ලද. (පි. 373)
පරිබන්ධ
පු. බැඳීම, බන්ධනය. (පි. 373)
පරිබ්බජති
ක්රි. (√ භු. වජ, ගතියං, යෑමෙහි +ති පරි+වජ+ති), පිටත යයි, ඇවිදියි. (පි. 373)
පරිබ්බය
පු. වැටුප්, ජීවිකාවෘතියට දෙන මුදල් ආදිය. (පි. 373)
පරිබ්බාජක
පු. පිරිවැද්දා, පරිබ්රාජකයා. (පි. 373)
පරිබ්භමති
ක්රි. (√ භු. භමු, අනවට්ඨානෙ, නොනැවතීමෙහි +ති), කරකැවෙයි. (පි. 373)
පරිබ්භමන
න. කරකැවීම, භ්රමණය. (පි. 373)
පරිබාධෙති
ක්රි. (√ භු. බාධ, නිවාරණෙ, වැලක්මෙහි +ණෙ+ති), වලක්වයි, පීඩා කරයි. (පි. 373)
පරිබාහති
ක්රි. (√ භු. බාහ, නිවාරණෙ, බැහැර කිරීමෙහි +ති), බැහැර කරයි, දුරු කරයි. (පි. 373)
පරිබාහිර
ති. පිටත් දෙය, බාහිර දෙය. (පි. 373)
පරිභට්ට
ති. වැඩූ, වර්ධනය කළ. (පි. 373)
පරිභණ්ඩ
පු. පිරිබඩ, ගොම ආදිය පිරිබඩ ගෑම, පිටිපස කෛවෝරුව. (පි. 373)
පරිභව
පු. අවමානය, නින්දාව. (පි. 373)