සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 620
පරිප්ඵොසක
පු. දිය ඉසීම, ජලය ඉසින්නා. (පි. 373)
පරිප්ඵොසිත
ති. ජලය ඉසින ලද. (පි. 373)
පරිප්ඵොසෙතිග
ක්රි. (√ භු. ඵුස, සම්පස්සෙ, සම්පර්ශයෙහි +ණෙ+ති), දිය ඉසීම කරයි. (පි. 373)
පරිප්ලව
පු. ඉල්පීම, ඉලිප්පීම. (පි. 373)
පරිප්ලවති
ක්රි. (√ භු. ප්ලූ, ගතියං, යෑමෙහි +ති පරි+ප්ලව+ති), ඉල්පෙයි, ඉලිප්පෙයි. (පි. 373)
පරිපාක
පු. මුහු කිරීම, මේරීම, පැසීම. (පි. 372)
පරිපාචන
න. මේරීම, පැසීම. (පි. 372)
පරිපාචනිය
ති. පැසවිය යුතු, මේරිය යුතු. (පි. 372)
පරිපාචිත
ති. පැසවන ලද, පුරුදු කළ, පුහුනු කළ. (පි. 372)
පරිපාචෙති
ක්රි. (√ භු. පව, පාකෙ, පැසීමෙහි +ති), පැසවයි, මෝරයි. (පි. 372)
පරිපාතිත
ති. හෙලන ලද, පහතට දමන ලද. (පි. 372)
පරිපාතෙති
ක්රි. (√ චු. පත, ගතියං, යෑමෙහි +ණෙ+ති), හෙලයි, පහත දමයි. (පි. 372)
පරිපාළෙති
ක්රි. (√ භු. පාල, රක්ඛණෙ, රැකීමෙහි +ණෙ+ති), පාලනය කරයි, ආරක්ෂා කරයි. (පි. 372)
පරිපීළිත
පීඩා කළ, හිරිහැර කළ. (පි. 372)
පරිපුච්ඡක
පු. විචාරන්නා, පිළිවිසින්නා. (පි. 372)
පරිපුච්ඡති
ක්රි. (√ භු. පුච්ඡ, පුච්ඡනෙ, විචාරීමෙහි +ති), විචාරයි, පිළිවිසියි. (පි. 372)
පරිපුච්ඡන
න. පිළිවිසීම, විචාරීම. (පි. 372)
පරිපුච්ඡා
ඉ. ප්රශ්න කිරීම. (පි. 372)
පරිපුච්ඡිත
ති. විචාළ, විචාරණ ලද. (පි. 372)
පරිපුජති
ක්රි. (√ භු. පූජා, පූජායං, පිදීමෙහි +ති) පරි+පූජ=ති, කම්පාවෙයි, සෙලවෙයි. (පි. 369)
පරිපුඤ්ඡති
ක්රි. (√ භු. පුජි, රාසි කරණෙ, රැස් කිරීමෙහි +ති), පිස දමයි. (පි. 372)
පරිපුඤ්ජන
න. පිස දැමීම, පිස දමන. (පි. 372)
පරිපුණ්ණ
න. සම්පූර්ණ, පිරුණු. (පි. 372)
පරිපූර
පු. සම්පූර්ණ, පිරීම. (පි. 372)