සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 633

පවෙනි

ඉ. ප්‍රවෙනිය, පරම්පරා අයිතිය හා කෙස කලාපය හා ස්තරණය, ඇතුල් පිට අතුරණ චිත්‍ර කම්බිලිය. (පි. 378)

පවෙල්ලති

ක්‍රි. (√ භු. විල, සංවරණ, සංවරයෙහි +ති), සොලවයි, චංචල වෙයි. (පි. 378)

පවෙල්ලිත

ති. සොලවන ලද, සෙල්ලු. (පි. 378)

පවෙස

පු. ප්‍රවේශය, ඇතුළත් වීම. (පි. 378)

පවෙසක

පු. ප්‍රවේශ කරන්නා, ඇතුළත් කරන්නා. (පි. 378)

පවෙසන

න. ප්‍රවේශනය, ඇතුළත් කිරීම. (පි. 378)

පවෙසිත

ති. ප්‍රවේශ කළ, ඇතුළත් කළ. (පි. 378)

පස

√ චු. බන්ධනෙ, බැඳීමෙහි, පාසෙති, පාසයති, බඳියි.
(√ භු. බැලීමෙහි, පස්සති, බලයි.
√ චු. සම්ඵස්සෙ, ස්පර්ශයෙහි, පසෙති, පසයති, ස්පර්ශකරයි.
√ චු. නාසෙ, නැසීමෙහි, පසෙති, පසයති, නසයි. (පි. 378)

පසංසති

ක්‍රි. (√ භු. සංස, පසංසනෙ, ප්‍රශංශාවෙහි +ති), ප්‍රසංසා කරයි.
ක්‍රි. (√ භු. සංස, පසංසනෙ, පැසසීමෙහි +ති ප+සංස+ති), පසසයි. ස්තුති කරයි. (පි. 379)

පසංසන

න. ප්‍රශංසාව, ප්‍රශංසා කිරීම. (පි. 379)

පසංසා

ඉ. පැසසීම, ස්තුති කිරීම. (පි. 379)

පසංසිත

ප්‍රශංසා කළ, පසසන ලද. (පි. 379)

පසංසිය

ති. පැසසිය යුතු, ප්‍රශංසා කටයුතු. (පි. 379)

පසක්කති

ක්‍රි. (√ භු. සක්ක ගතියං, යෑමෙහි +ති), ඉදිරියට යෙයි.
ක්‍රි. (√ භු. සක්ක, ගතියං, යෑමෙහි +ති), ළඟට පැමිණෙයි. (පි. 379)

පසක්කන

න. ළඟට පැමිණීම, සමීපයට එළඹීම. (පි. 379)

පසක්කිය

අ. ළඟට පැමින. (පි. 379)

පසඞ්ග

පු. ප්‍රසංගය, අහම්බය. (පි. 379)

පසඞ්ගික

පු. ප්‍රසංගය, අහම්බය. (පි. 379)

පසඨි

න. පල ඇටය. (පි. 380)

පසත

පු. හකුලුවන ලද, හස්ත තලය, උලක්කුව, පත. (පි. 379)

පසත්ථ

ති. ප්‍රසස්ත, පසස්නා ලද දෙය. (පි. 379)

පසත්ථතර

ති. අතිසයින් පැසසිය යුතු, ඉතා ප්‍රශංසා කටයුතු. (පි. 379)

පසද

පු. මෘග විශේෂයක්. (පි. 379)

පසද්ධ

ති. බර හරින ලද. (පි. 380)