සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 632

පවිඨ

ති. ප්‍රවිෂ්ඨ, ප්‍රවේශ වූ, ඇතුළත් වූ. (පි. 378)

පවිතක්ක

පු. විතර්කය, සංකල්පය. (පි. 378)

පවිත්ත

ති. පවිතුරු, පිරිසිදු, පවිත්‍ර. (පි. 378)

පවිත්‍ර

න. පිරිසිදු. (පි. 378)

පවිද්ධ

ති. විදින ලද. (පි. 378)

පවිනෙති

ක්‍රි. (√ භු. නී, නයෙ, පැමිණවීමෙහි +ති), හික්මවයි. (පි. 378)

පවිරති

ක්‍රි. (√ භු. විර, වික්කන්තියං, බැහැර යාමෙහි +ති), (ප+වි+රති), හැසිරෙයි. (පි. 378)

පවිවිත්ත

ති. උත්තම විවේකය, උතුම් විවේක ඇති, පවත්වන ලද. (පි. 378)

පවිවිනන

න. රැස්කිරීම. (පි. 378)

පවිවෙක

ති. උතුම් විවේකය. (පි. 378)

පවිවෙකිය

ති. උතුම් විවේක ඇත්තා. (පි. 378)

පවිසති

ක්‍රි. (√ භු. විස, පවෙසනෙ, පිවිසීමෙහි +ති), පවිසති, ප්‍රවිෂ්ට වෙයි. ඇතුළත් වෙයි. (පි. 378)

පවිසන

න. ප්‍රවේශය, ඇතුළත්වීම. (පි. 378)

පවිස්සිලෙස

පු. විවාදපන්නය, විවාදයට පැමිණියහු. (පි. 378)

පවීන

ති. ප්‍රවීන, දක්ෂ, සමර්ථ. (පි. 378)

පවුච්චති

ක්‍රි. (√ භු. වව, වියත්තියං වාචායං, වියත් බැව්හි +ති), කියයි. (පි. 378)

පවුත්ත

ති. කියන ලද. (පි. 378)

පවුද්ධරි

මහත්වූ භූමි විවරය. (පි. 378)

පවෙක්ඛති

ක්‍රි. (√ භු. වෙක්ඛ, වෙක්ඛණෙ, බැලීමෙහි +ති), (ප+වි+ක්ඛ+ති), බලයි, පරික්ෂා කරයි. (පි. 378)

පවෙච්ඡති

ක්‍රි. (√ භු. විචාර ගතිසු, යෑමෙහි +ති), අනුව ප්‍රවේශ කරයි, අනුව දෙයි. (පි. 378)

පවෙධන

න. දැන්වීම, නිවේදනය. (පි. 378)

පවෙධමාන

න. කම්පාවන, වෙවුලන. (පි. 378)

පවෙධිත

ති. දන්වන ලද, හඟවන ලද. (පි. 378)

පවෙධෙති

ක්‍රි. (√ චු. විධ, කම්පනෙ, සැලීමෙහි +ති), කම්පාවෙයි, වෙවුලයි.
ක්‍රි. (√ චු. විධ, විධානෙ; විධානයෙහි +ති), දන්වයි. (පි. 378)