සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 634

පසන්න

පු. ප්‍රසන්න, පහන්, නිර්මල, පැහැදුනු, ජලය. (පි. 379)

පසන්නතා

ඉ. ප්‍රසන්න බව, පැහැදුනු බව. (පි. 379)

පසන්නා

ඉ. සුරා. (පි. 379)

පසයහ

පු. මැඩ, බලහත්කාර කොට. (පි. 379)

පසර

පු. පැතිරීම, පතළ කිරීම. (පි. 379)

පසව

පු. ප්‍රසවය, මල්, ගෙඩි, උත්පත්තිය, ප්‍රසූතිය. (පි. 379)

පසවති

ක්‍රි. (√ භු. පසව, ගතියං, යෑමෙහි +ති), රැස් කරයි, උපදවයි, පලදෙයි. (පි. 379)

පසවන

න. රැස්කිරීම. (පි. 379)

පසව්‍ය

ති. විපරීතය. (පි. 379)

පසහ

පු. බලහත්කාරය. (පි. 379)

පසහති

ක්‍රි. (√ භු. සහ, බත්තියං, ක්ෂාන්තියෙහි +ති), මඩියි, බලහත්කාර කරයි. (පි. 379)

පස්ස

න. පාර්ශය, පස, ඇලය.
ක්‍රි. (√ භු. දිස, පෙක්ඛන, බැලීමෙහි +ති), බලව, නිරීක්ෂණය කරව. (පි. 380)

පස්සති

ක්‍රි. (√ භු. දිය, පෙක්ඛණ, බැලීමෙහි +ති), බලයි. (පි. 380)

පස්සද්ධ

අ. බර ඇරීම, බර හැරීම, (පි. 380)

පස්සද්වය

න. පාර්ශවය, දෑල. (පි. 380)

පස්සන

දැකීම, බැලීම. (පි. 380)

පස්සන්න

ති. දක්නා. (පි. 380)

පස්සනා

ඉ. දැක්ම, දර්ශනය. (පි. 380)

පස්සම්හති

ක්‍රි. (√ දි. සම්භු,පාපුණනෙ, පැමිණවීමෙහි +ති), බර ඇරෙයි. (පි. 380)

පස්සම්හන

න. බර ඇරීම. (පි. 380)

පස්සම්හිත

ති. බර හරින ලද. (පි. 380)

පස්සය

න. ආරක්ෂාව. (පි. 380)

පස්සයවති

ක්‍රි. (√ භු. සව, ගතියං, යෑමෙහි +ති), ගලයි. (පි. 380)

පස්සසති

ක්‍රි. (√ භු. සස, සුපනෙ, හුස්ම ගැනීමෙහි +ති), ප්‍රශ්වාස කරයි. පහතට හුස්ම හෙලයි. (පි. 380)