සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 635

පස්සාව

පු. මුත්‍ර, මරදිය. (පි. 380)

පස්සාවමග්ග

පු. මුත්‍ර මාර්ගය. ස්ත්‍රී පුරුෂ නිමිති. (පි. 380)

පස්සාස

පු. ප්‍රශ්වාසය, හුස්ම පහත හෙලීම. (පි. 380)

පස්සිත

ති. දක්නා ලද. (පි. 380)

පසාද

පු. ප්‍රසාදය, පැහැදීම, ප්‍රසන්නතාව. (පි. 379)

පසාදක

පු. පහදවන්නා, පැහැදීම කරන්නා. (පි. 379)

පසාදණීය

ති. ප්‍රසාදණීය, පැහැඑළවන (පි. 379)

පසාදිය

ති. පැහැඑළවන, ප්‍රසන්නය, ඇතිකරන. (පි. 379)

පසාදෙති

ක්‍රි. (√ භු. සාද, සාදනෙ; රස විඳීමෙහි +ති), පහදවයි. (පි. 379)

පසාධන

න. පළඳනාව, පැළඳීම.
න. පළඳනාව, ආභරණය. (පි. 379)

පසාධිත

ති. පළඳනා ලද, සරසන ලද. (පි. 379)

පසාධෙති

ක්‍රි. (√ දි. සාධ, සංසිද්ධියං, සෑදීමෙහි +ති), පළඳියි, සැරෙසෙයි. (පි. 379)

පසාබා

ඉ. අතුවලින් හටගත් රිකිලි, කුඩා අතු (පි. 379)

පසාරණ

න. ප්‍රසාරණ, අත පය ආදිය දිගු කිරීම. (පි. 379)

පසාරිත

ති. දිගුකළ, දිග හරින ලද. (පි. 379)

පසාසති

ක්‍රි. (√ භු. සාසු, අනුසිට්ඨිම්හි, අනුශාසනයෙහි +ති), (ප+සාස+ති), අනුසාසනා කරයි. අවවාද කරයි. (පි. 379)

පසාසන

න. අනුසාසනය. (පි. 379)

පසිති

ඉ. බන්ධනය. (පි. 379)

පසිද්ධ

ති. ප්‍රසිද්ධ, ප්‍රකට. (පි. 379)

පසිබ්බක

න. පසුම්බිය. (පි. 379)

පසිබිබිත

ති. මසන ලද, ගෙත්තම් කළ. (පි. 379)

පසීදති

ක්‍රි. (√ භු. සද, විසරණෙ, ආකූල බැව්හි +ති), පහදියි. (පි. 379)

පසීදන

න. පැහැදීම. (පි. 379)

පසු

පු. මෘගාදී සිව්පා සත්වයා, එළුවා. (පි. 379)