සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 636

පසුක

පු. මෘගයා, සිව්පාවා. (පි. 379)

පසුත

ති. යෙදුනු, නියුක්ත. (පි. 379)

පසුති

ඉ. වැඳීම, ඉපද වීම. (පි. 380)

පසුපති

පු. ඊශ්වරයා, මෘගෙන්ද්‍රයා, සිංහයා. (පි. 379)

පසුර

ති. බොහෝ, බහුල. (පි. 379)

පසූත

පු. ප්‍රසූත, දරුවන් වැදීම. (පි. 379)

පසූතා

ඉ. දරු ලද්දී, වැදූ තැනැත්තී. (පි. 379)

පසූතිකා

ඉ. දරු ළද්දී, වැදූ තැනැත්තී. (පි. 380)

පසූතිසර

න. වදන ගෙය, තිඹිරි ගෙය. (පි. 380)

පසෙවක

පු. කරාවිය, විනාඔරුව (පි. 380)

පහංසති

ක්‍රි. (√ භු. හංස, පීතියං, ප්‍රීතියෙහි +ති), සතුටු කෙරෙයි. (පි. 380)

පහංසන

න. සතුටු කිරීම. (පි. 380)

පහංසිත

ති. සතුටුවන ලද, සතුටු වූ (පි. 380)

පහට

ති. ගසන ලද, තලන ලද. (පි. 380)

පහඪ

ති. අතිශයින් සතුටුවන ලද. (පි. 380)

පහත

ති. ගසන ලද, නසනලද. (පි. 380)

පහරණ

න. ගැසීම, තැලීම, ආයුධය. (පි. 380)

පහරති

ක්‍රි. (ප+හ+රති), ගසයි, තලයි. (පි. 380)

පහාණන

න. ගැසීම, තැලීම, නැති කිරීම. (පි. 380)

පහාන

න. ප්‍රහාණය, විනාශය. (පි. 380)

පහාය

අ. හැර, අත්හැර. (පි. 380)

පහාර

පු. ප්‍රහාරය, පහර, යාම නම් වූ, කලා විශේෂය.
ප්‍රහාරය, පහර (පි. 380)

පහාරණ

න. ප්‍රහාර දීම, ගැසීම. (පි. 380)

පහාරද

පු. එනම් අසුරයා. (පි. 380)