සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 641

පාණිවාද

පු. අත්තල ගසන්නා, කයිතාලම් ගසන්නා. (පි. 382)

පාණිස

පු. අත් තලගසන්නා. (පි. 382)

පාණිස්සර

න. දෝතැටි ගැසී, අත්තල ගැසීම, අප්පුඩි ගැසීම. (පි. 382)

පාණී

පු. හස්තය, සත්වයා, බිම් සිලුටුකිරීමට සාදන දාරුමය හස්තය. (පි. 382)

පාණීතල

න. අල්ල, අත්ල. (පි. 382)

පාත

න. පියයුතු පැන්, ජලය.
අ. උදය. (පි. 383)

පාතක

න. ජලය, පානය කටයුත්ත. (පි. 383)

පාතරාස

න. උදය බත, හීල් බත. (පි. 382)

පාතව්‍ය

න. පිය යුතු, නැසිය යුතු. (පි. 382)

පාතව්‍යතා

ති. නැසිය යුතු බව, පිය යුතු බව (පි. 382)

පාතාපෙති

ක්‍රි. (√ භු. තප සන්තාපෙ තැවීමෙහි +ණෙ+ති), පෙළයි, නසයි. (පි. 382)

පාතාල

න. නාගභවනය, වඩවා මුඛය. (පි. 382)

පාති

ඉ. තැටිය, පාත්‍රය, වළඳන භාජනය. (පි. 382)

පාතික

ති. හෙලන ලද, දමන ලද.
පු. පාත්‍රයට අයත්. (පි. 382)

පාතිමොක්ඛ

පු. ප්‍රිතිමෝක්ෂය. (පි. 382)

පාතිමොක්ඛුද්දෙස

න. පාමොක් දෙසීම. (පි. 382)

පාතුං

අ. ප්‍රාදුර්භාව, සම්මුඛත්ව, ප්‍රකාශ, උප්පත්ති, යන මෙහි. (පි. 382)

පාතුකම්‍යතා

ඉ. පැන් බොනුරිස්ස, බොනු කැමත්ත. (පි. 382)

පාතුකරණ

න. පහල කරන, නිපදවන. (පි. 382)

පාතුභවන

න. පහලවීම, හටගැනීම. (පි. 382)

පාතුභූත

ඉ. පහළවූ. (පි. 382)

පාතුහාව

පු. පහලවීම, හටගැන්ම. (පි. 382)

පාතෙති

ක්‍රි. (√ භු. පත, ගතියං, යෑමෙහි +ණෙ+ති) හෙලයි, දමයි. (පි. 382)

පාතො

අ. උදය, පූර්වාහනය, උදය කාලය. (පි. 382)