සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 644

පාපිත

ති. පමුණුවනලද, එළවනලද. (පි. 383)

පාපිමන්තු

පු. පව් ඇත්තා, පාපියා. (පි. 383)

පාපුණන

න. පැමිණවීම, ලැබීම. (පි. 383)

පාපුන්න

න. පොරෝනය, පොරෝනා රෙද්ද. (පි. 383)

පාපුනාති

ක්‍රි. (√ සු. අප, පාපුණනෙ, පැමිණ වීමෙහි +ති), පැමිණෙයි ලැබෙයි. (පි. 383)

පාපුනිය

පු. ගෙන ආ යුතු දෙය. (පි. 383)

පාපෙති

ක්‍රි. (√ සු. අප, පාපුණනෙ, පැමිණ වීමෙහි +ති), පැමිණෙයි ලැබෙයි. (පි. 383)

පාභත

න. මිල, පඬුර. (පි. 383)

පාභති

න. ගෙන ආ දෙය, තෑග්ග, අල්ලස. (පි. 383)

පාම

න. විතච්ඡිකා නම් කුෂ්ටය. (පි. 383)

පාමංග

පු. පාදාභරණය, පයලන සිලම්බු හවඩිය. (පි. 383)

පාමර

පු. නීචයා, හීනයා. (පි. 383)

පාමුජ්ජ

පු. ප්‍රමෝද්‍යය, ප්‍රීතිය. (පි. 383)

පාමොක්ඛ

පු. උතුම්, ප්‍රධාන, ඉදිරියෙහි සිටින්නා, ප්‍රමුඛයා. (පි. 384)

පාමොජ්ජ

පු. සන්තෝෂය, ඉතා බලවත්, ප්‍රීතිය. (පි. 384)

පාය

√ භු. වුද්ධියං, වැඩීමෙහි, පායති, වැඩෙයි. (පි. 384)

පායති

ක්‍රි. (√ භු. පාය, වුද්ධියං වැඩීමෙහි +ති), වැඩෙයි. (පි. 384)

පායන්ත

ති. පානය කිරීම. (පි. 384)

පායන්තක

පු. පිටත්ව යන්නා. (පි. 384)

පායස

පු. සරල ද්‍රව්‍යය. (පි. 384)

පායසො

අ. බොහෝ සේ. (පි. 384)

පායාත

ති. පිටත් වූ, ඉදිරියට ගිය. (පි. 384)

පායාති

ක්‍රි. (භු. යා, ගතියං, ගච්ඡති+ති), යෙයි. (පි. 384)

පායාස

පු. කිරිබත, කිරෙන් පිසූ බත. (පි. 384)