සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 645

පායි

√ භු. වුද්ධියං වැඩීමෙහි, යාති, වැඩෙයි. (පි. 384)

පායිත

ති. පොවන ලද, පානය කරවන ලද. (පි. 384)

පායු

පු. ගුදය, මලමාර්ගයාගේ දොර. (පි. 384)

පායෙති

ක්‍රි. (√ පා, පානෙ බීමෙහි +ණෙ+ති), පානය කරවයි. (පි. 384)

පායො

අ. බොහෝසේ, බාහුල්‍යයෙහි. (පි. 384)

පාර

අ. එතෙර, එගොඩ.
√ චු. යටත් බැව්හි, පාරෙති, යටත් වෙයි, පූරණය, සමාපත්තිය., යනමෙහි
න. එතෙර, නිවන, සසරින් එතෙර වීම.
√ චු. කටයුතු නිමවීමෙහි, පාරෙති, පාරයති, කටයුතු නිමවයි. (පි. 384)

පාරගත

ති. පරතෙරට ගිය, එගොඩට පැමිණි. (පි. 384)

පාරගමන

න. පරතෙරට යාම, සසරින් එතෙරවීම. (පි. 384)

පාරද

පු. රසදිය. (පි. 384)

පාරම්පරිය

න. උපදේශ පරම්පරාව, වංශය, අන්වය. (පි. 384)

පාරමි

ඉ. පාරමිතා. (පි. 384)

පාරමිතා

ති. දානාදි ගුණධර්ම වැඩීම. (පි. 384)

පාරාජික

පු. පැරදීම, කෙලෙසුන්ගෙන් පැරදීම. (පි. 384)

පාරාපතං

පු. පරවියා. (පි. 384)

පාරායන

න. පරතෙරට යාම. (පි. 384)

පාරාවත

පු. පරවියා, පරෙයියා. (පි. 384)

පාරිච්ඡත්තක

පරසතු රුක. (පි. 384)

පාරිජාතක

පු. පරසතු රුක. (පි. 384)

පාරිජුඤ්ඤ

න. පිරිහීම. (පි. 384)

පාරිත

ති. පොරෝන ලද. (පි. 384)

පාරිතරියා

ඉ. පාරචරියාව, වතාවත් කිරීම. (පි. 384)

පාරිපන්ථක

පු. මං පහරන සොරා, මංකොල්ල කන්නා. (පි. 384)

පාරිපන්ථික

පු. සතුරු මාර්ගයෙහි සිටින්නා, මංකොල්ල කාරයා. (පි. 384)

පාරිපූරී

ඉ. සම්පූර්ණ බව. (පි. 384)