සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 646

පාරිභද්ද

පු. පරසතු රුක, දේවදාර ගස. (පි. 384)

පාරිභව්‍ය

පු. උපුල් කොල, කොට්ටන්. (පි. 384)

පාරිභොගික

පු. ප්‍රයෝජනගත්, පරිභොගයට සුදුසු. (පි. 384)

පාරිම

න. පරතෙර. (පි. 384)

පාරිවට්ට

න. පිරුවටය. (පි. 384)

පාරිවාසක

පු. පිරිවෙස් වසන්නා. (පි. 384)

පාරිසජ්ජ

ති. පිරිවර. (පි. 384)

පාරිසුද්ධි

ඉ. පිරිසිදු කම. (පි. 384)

පාරිහට්ට

න. දරුවන් නැලවීම, දරු සුරතලය. (පි. 384)

පාරිහට්ටතා

ඉ. දරු සුරතල් කරන බව. (පි. 384)

පාරුපති

ක්‍රි. පොරවයි. (පි. 384)

පාරුපන

න. පෙරවීම, පොරවීම. (පි. 384)

පාරෙවට

පු. පරවියා. (පි. 384)

පාරෙවත

පු. පරවියා, පාරෙවට. (පි. 384)

පාරොහ

පු. නුග අරළු ආදිය, නුග ආදින්ගේ අතුවලින් ඇදෙන මුල්. (පි. 384)

පාල

√ චු. දැකීමෙහි, පාලෙති, පාලයති, රකියි.
ති. පාලනය, ආරක්ෂාව. (පි. 384)

පාලක

පු. පාලනය කරන්නා, රක්ෂාකරන්නා. (පි. 384)

පාලන

න. පාලනය රැකීම. (පි. 384)

පාලි

(ළි) ඉ. මියර, නියර, පාඨ පඞ්ක්තිය.
ඉ. පාලි භාෂාව, පෙල. (පි. 385)

පාලිච්ච

න. පැසුණු බව, ඉස කෙස් පැසීම. (පි. 385)

පාලිත

ති. පාලනය කළ, රකින ලද. (පි. 385)

පාලිහද්ද

පු. එරබොදු. (පි. 385)

පාලිහද්දක

පු. එරබොදු ගස. (පි. 385)

පාලෙති

ක්‍රි. (√ භු. පාල, රක්ඛණෙ රැකීමෙහි +ණෙ+ති), (පාල+ණෙ+ති), පාලනය කරයි. (පි. 385)