සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 664

පෙය්‍ය

න. පානය කටයුතු දේ. (පි. 394)

පෙය්‍යලක

පු. මුලින් කියන ලද්දක් නැවත කීම වෙනුවට යොදන සලකුණ. පෙ. (පි. 394)

පෙය්‍යවාචා

ඉ. ප්‍රිය වචනය, ප්‍රියබව. (පි. 394)

පෙරිත

ති. යවනලද, පමුණුවන ලද. (පි. 394)

පෙල

√ භු. චලනෙ, සැලීමෙහි, පෙලති=සැලෙයි, යෙයි. (පි. 394)

පෙලක

පු. සාවා, හාවා. (පි. 394)

පෙලාව

ති. තුනී. (පි. 394)

පෙලිකා

ඉ. පැස, කුඩා පෙට්ටිය. (පි. 394)

පෙලු

√ භු. ගමනෙ, යාමෙහි, පෙලති=යෙයි. (පි. 394)

පෙස

√ චු. පෙසනෙ, යැවීමෙහි, පෙසෙති, පෙසයති=යවයි. (පි. 394)

පෙසක

පු. යවන්නා. (පි. 394)

පෙසකාරක

පු. පෙසකර්ම කරන්නා, රෙදි වියන්නා. (පි. 394)

පෙසන

න. යැවීම, ප්‍රෙරණය. (පි. 394)

පෙසනක

පු. යවන්නා. (පි. 394)

පෙසනික

පු. යවන්නා. (පි. 394)

පෙසනිය

න. යැවිය යුතු දෙය. (පි. 394)

පෙසල

ති. ප්‍රියසීලි, සිල්වත්, සිත්කලු, සුන්දර, දක්ෂ. (පි. 394)

පෙස්ස

පු. දාසයා, මිල පිණිස මෙහෙකරන්නා. (පි. 394)

පෙසාව

පු. පිසාචයා, පාංශු පිසාචයා. (පි. 394)

පෙසි

ඉ. මස් පිඩුව. (පි. 394)

පෙසිකා

වැදැල්ල, අබ්බුදාවස්ථාවෙන්, සතියකට පසු, වියළි ආකාර, වියළි ගතියට පැමිණි අවස්ථාව (පි. 394)

පෙසිත

ති. යවන ලද. (පි. 394)

පෙසු

√ භු. ගමනෙ, යාමෙහි, පෙසති=යෙයි. (පි. 394)

පෙසුඤ්ඤ

ති. ප්‍රියබව නැතිකරන වචන. (පි. 394)

පෙසුණ

න. පෙහෙසුන් තෙපුල් කීම. (පි. 394)