සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 663

පූරණ

ති. පිරීම, ති. සංපූර්ණ කිරීම (පි. 393)

පූරණි

ඉ. ඉඹුල් ගස, රුක්බුරුද ගස. (පි. 393)

පූරලාස

පු. පූජාව සඳහා යොදන රස කැවිලි. (පි. 393)

පූරිත

ති. පුරන ලද, සංපූර්ණ කළ, වඩනා ලද. (පි. 393)

පූරෙති

ක්‍රි. (පු+ √ භු. පූර, පූරණෙ, පිරීමෙහි +ණෙ+ති), පුරවයි, සම්පූර්ණ කෙරෙයි. (පි. 393)

පෙ

√ භු. වුද්ධියං, වැඩීමෙහි, පෙති=වැඩෙයි.
√ භු. ගමනෙ, යාමෙහි, පෙති=යෙයි.
√ භු. වියැළීමෙහි, පායති, පයති=වියළේ.
අ. පෙය්‍යාලම, මුලින් කියවුණු වාක්‍යාදිය නැවත යොදාගැනීම වෙනුවට පෙ යොදනු ලැබේ. (පි. 393)

පෙක්ඛ

ති. බැලීම, නෘත්‍ය බැලීම. (පි. 393)

පෙක්ඛන

න. බැලීම, නිරීක්ෂණය. (පි. 393)

පෙක්ඛා

ඉ. දෝළාව, උසුලාගෙන යන වාහන විශේෂයක්.
අ. බැලීම. (පි. 393)

පෙක්ඛි

බලන තැනැත්තා, බලන්නා. (පි. 393)

පෙක්ඛිත

ති. බලන ලද, සොයන ලද. (පි. 393)

පෙක්ඛුන

න. පක්ෂි පත්‍රය. (පි. 393)

පෙච්ච

අ. පරලොව, අන්‍ය භවය, අන්‍ය ජාතිය. (පි. 393)

පෙටක

පු. පැස, පෙට්ටිය, පෙට්ටගම. (පි. 393)

පෙත

පු. මළතැනැත්තා, ප්‍රේතයොනියෙහි උපන් තැනැත්තා. (පි. 394)

පෙතනික

ති. ප්‍රේතයන්ට අයත්, ප්‍රේතයන් පිළිබඳ. (පි. 394)

පෙතයොනි

ඉ. ප්‍රේත භවය, ප්‍රේතාත්මය, ප්‍රේත ගතිය. (පි. 394)

පෙත්තික

ති. පියාට අයත්, පියාට අයිති. (පි. 393)

පෙත්තිවිසය

පු. ප්‍රේතාත්මය, ප්‍රේතයෝනිය. (පි. 393)

පෙත්තෙය්‍ය

ති. පියාට හිත ක්‍රියා, පියා සතු දේ. (පි. 393)

පෙත්තෙය්‍යතා

ඉ. පියාට හිත බව. (පි. 394)

පෙම

න. ආදරය, ප්‍රේමය, පෙම්. (පි. 394)

පෙමනීය

ති. ප්‍රේම කටයුතු, ආදරය කටයුතු. (පි. 394)