සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 662

පූජන

න. පිදීම, සත්කාරය. (පි. 393)

පූජනීය

පු. පිදියයුත්තා, සත්කාර කටයුත්තා. (පි. 393)

පූජනෙය්‍ය

පු. පූජනිය, පූජාකටයුතු. (පි. 393)

පූජ්ජ

ති. පූජ්‍ය, පිදිය යුතු, පූජාර්හ, පිදීමට සුදුසු. (පි. 393)

පූජා

ඉ. පූජාව, පිදීම, පුද. (පි. 393)

පූජිත

ති. පුදන ලද. (පි. 393)

පූජීය

පු. දෙවියා, පිදිය යුත්තා. (පි. 393)

පූජෙති

ක්‍රි. (√ චු. පූජ, පූජායං, පිදීමෙහි +ණ+ති පූජ+ණෙ+ති), පුදයි. (පි. 393)

පූත

ති. පවිත්‍ර, පිරිසිදු. (පි. 393)

පූතනා

ඉ. අරළු, සේනාව. (පි. 393)

පූති

ඉ. කුණු, දුගඳ හමන දෙය. (පි. 393)

පූතික

ති. පූති, කුණු, පූතිකරඤ්ජ=කුණු කරඳ. (පි. 393)

පූතිකට්ඨ

ක- සරලගස. (පි. 393)

පූතිකරඤ්ජ

පු. කටුකරඬුගස, කුණුකරඳගස. (පි. 393)

පූතිකාය

පු. ශරීරය, කුණු ශරීරය. (පි. 393)

පූතිගන්ධි

ති. දුගඳ, දුර්ගන්ධය. (පි. 393)

පූතිඵලී

ඉ. බෝදි ගස්. (පි. 393)

පූතිමුත්ත

න. ගෝමුත්‍රය, හරකුන්ගේ මුත්‍රය. (පි. 393)

පූතිලතා

ඉ. කිඳිවැල, රසකිඳ වැල. (පි. 393)

පූප

පු. කැවුම්, පිටිකැවිලි. (පි. 393)

පූපපණිය

පු. පූවෙළෙන්දා, කැවිලි වෙළෙන්දා. (පි. 393)

පූය

√ භු. විකිරණෙ, දුග්ගන්ධෙ, විසිරීමෙහි, දුර්ගන්ධයෙහි, පූයති=විසිරෙයි, දුගඳ හමයි.
පු. පුයාව, සැරව. (පි. 393)

පූර

ති. සංපූර්ණ, පිරුණු.
√ භු. පුරණේ, පිරීමෙහි, පුරති=පිරෙයි.
√ චු. ඉච්ඡායං, ඉච්ඡායෙහි, පූරෙති, පූරයති=තෘප්ති කරයි. (පි. 393)

පූරක

පු. පුරවන්නා, සංපූර්ණ කරන්නා. (පි. 393)