සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 661
පුරෙක්ඛාර
ති. අභිමුඛ කිරීම, ඉදිරිපත් කිරීම. (පි. 392)
පුරෙගාමී
ති. ඉදිරියෙහි යන යෝධයා, පෙරටුව ගමන් කරන්නා. (පි. 392)
පුරෙචර
ති. ඉදිරියෙන් යන, පෙරටුව යන. (පි. 392)
පුරෙචරිත
පු. පෙරටුව යන්නා. (පි. 392)
පුරොහිත
පු. රජුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා, පෙරවියා. (පි. 392)
පුලක
න. ධාන්‍ය විශේෂයක්. (පි. 392)
පුලතික
න. පණුගස්, එනම් ගස් වර්ගයක්. (පි. 392)
පුලව
පු. කෘමි, පණු. (පි. 392)
පුලවක
පු. පණු, කෘමි. (පි. 392)
පුලවකසඤ්ඤා
ඉ. ශරීරය, පණුකැදලිවලින් ගැවසීගත්තේ යයි සැලකීම. (පි. 392)
පුලින
න. වැලි, වාලුකා. (පි. 392)
පුලුසු
√ භු. ඣාපණෙ, දැවීමෙහි, පුලුසති=දවයි. (පි. 392)
පුලොම
පු. වෙපචිත්ති, අසුරයා. (පි. 392)
පුස
√ ති. පොසණෙ, පොෂණයෙහි, පුසාති, පොෂ්‍යය කෙරෙයි.
√ චු. වුද්ධියං වැඩීමෙහි, පොසෙති, පොසයති=වැඩේ.
√ චු. වුද්ධියං වැඩීමෙහි, පුංසෙති, පුංසයති=වැඩෙයි.
√ භු. වුද්ධියං, වැඩීමෙහි- පුසති=වැඩෙයි.
√ භු. පොසණෙ, පොෂ්‍යය කිරීමෙහි, පුසති=පොෂ්‍යය කෙරෙයි.
√ චු. ධාරණෙ, දැරීමෙහි, පොසෙති, පොසයති=දරයි. (පි. 392)
පුස්ස
පු. පුසේ නැකත, දුරුතු මාසය. (පි. 392)
පුස්සරථ
මඟුල් රථය, ක්‍රීඩා ගමන් රථය, රාජ රථය. (පි. 392)
පුසු
√ භු. දාහෙ, දැවීමෙහි, පාසති=දවයි. (පි. 392)
පුළ
√ භු. සැපයෙහි, පුළති=සැප ඇතිවෙයි.
√ භු. රාසියං, රැස්වීමෙහි, පුළති, රැස්වේ. (පි. 392)
පුළව
පු. පණුවා. (පි. 392)
පුළවක
පු. පණුවා. (පි. 392)
පූග
පු. සමූහය, පුවක් ගස. (පි. 393)
පූගමජ්ඣ
ති. සමූහමධ්යය. (පි. 393)
පූජ
√ චු. පූජායං, පිදීමෙහි, පූජෙති, පූජයති=පුදයි. (පි. 393)
පූජක
පු. පුදන්නා. (පි. 393)