සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 665

පෙසුනක

පු. පෙහෙසුන් කියන්නා. (පි. 394)

පෙසුනිය

පු. පෙහෙසුන් කියන්නා. (පි. 394)

පෙසෙති

ක්‍රි. (පෙස+ණෙ+ති) යවයි. (පි. 394)

පොක්ඛර

න. පද්මය, ශරීරය, වීනාද්‍රෝණිය, සොභනත්වය, ජලය, ඇතුන්ගේ හොඬ අග කරාවිය. (පි. 394)

පොක්ඛරණී

ඉ. පුෂ්පකරණිය, පියුම්විල. (පි. 394)

පොක්ඛරතා

ඉ. සෝභනත්වය, වණ්ණ පොක්ඛරතා. (පි. 394)

පොක්ඛරවස්ස

න. පොකුරු වැසි, පොකුරු පත්වල, පියුම්පත්වල, (හිමෙන්) තෙමෙනු කැමැත්තවුන් තෙමෙන්නාවුද, අකමැත්තවුන් නොතෙමෙන්නාවුද වර්ෂාවක්. (පි. 394)

පොක්ඛරසාතක

පු. තල් රෙහෙනු. (පි. 394)

පොඞ්ඛ

න. පටිපාටිය, පිළිවෙළ. (පි. 394)

පොට

න. බුබුළ. (පි. 394)

පොටගල

පු. වැලුක්, කුළල්, බට. (පි. 394)

පොට්ඨපාද

පු. බිණර මාසය, බිනර මාසය. (පි. 394)

පොට්ඨබ්බ

පු. ස්පර්ශය, පහස, එකට එක හැපීම. (පි. 394)

පොඨ

√ චු. තාඩණෙ, තැළීමෙහි, පොඨෙති=තළයි. (පි. 394)

පොඨන

න. තැළීම, පොඩි කිරීම, පහර ගැසීම, ගෙඩිදීම. (පි. 394)

පොඨිත

ති. තළන ලද, පොඩි කළ. (පි. 394)

පොඨෙති

ක්‍රි. (√ චු. පොඨ, තාඩණෙ, තැළීමෙහි +ණෙ+ති), (පොඨ+ණෙ+ති) තළයි. (පි. 394)

පොණ

ති. අවනත, නැමුණු, ගම්භීර. (පි. 394)

පොණික

ති. ප්‍රණත, යටත් දෙසට නැමුණු, මුනින් වැටී සිටින. (පි. 395)

පොත

ති. ලිපි ආදී ක්‍රියා ග්‍රන්ථය.
පු. බාලයා, ළදරුවා, නැව. (පි. 395)

පොතක

පු. බාලයා. (පි. 395)

පොතවාහා

පු. නැව් පදින්නා. (පි. 395)

පොත්ථ

ති. දුප්පත්, අසරණ. (පි. 395)

පොත්ථක

න. පොත, පොතු, පුරාණ ග්‍රන්ථ ලිවීමට ගස් පොතු පාවිච්චි කළ බැවින් ග්‍රන්ථයන්ට පොත්ථක යයි ව්‍යාවහාරය කරයි.
න. නියඳ පට්ටයෙන් කළ වස්ත්‍ර. (පි. 395)