සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 697

භෙරණ්ඩ

පු. කැණහිලා, අප්‍රිය ශබ්දය. (පි. 411)

භෙරණ්ඩක

පු. සිවලා, කැණහිලා, අමිහිරි ශබ්දය. (පි. 411)

භෙරව

න. මහත් භය.
පු. කැණහිලා. (පි. 411)

භෙරි

ඉ. බෙරය. (පි. 411)

භෙරිප්පභෙද

පු. බෙර විශේෂය, බෙරජාති. (පි. 411)

භෙරිහෙද

පු. භෙරිවිශේෂ. (පි. 411)

භෙසජ

න. බෙහෙත. (පි. 411)

භෙසජ්ජ

න. බෙහෙත, බේත. (පි. 411)

භෙස්ම

ති. භයානක, බිහිසුණු. (පි. 411)

භො

අ. ගරු ආමන්ත්‍ර‍ණයෙහි, පින්වත, භවත්නි. (පි. 412)

භොග

පු. සර්‍ප පෙණය, සර්‍ප ශරීරය, කුටිලත්වය, අනුභවය, ධනය, උපභොග පරිභොග වස්තු. (පි. 412)

භොගක්ඛන්ධ

පු. භොගරාසි, ධනරාසිය, දන රැස. (පි. 412)

භොගවන්තු

පු. භොග ඇත්තා. (පි. 412)

භොග්ග

ඉ. බිඳීම, කැඩීම. (පි. 412)

භොගාවලි

ඉ. සර්‍පදරණය, සර්‍පශරීරය. (පි. 412)

භොගික

පු. අනුභව කරන්නා, ප්‍රයෝජන ගන්නා තැනැත්තා. (පි. 412)

භොගිනී

ඉ. අභිෂේක නොලත් රාජස්ත්‍රීහු, භොග ඇත්තී. (පි. 412)

භොගිය

පු. භොගිකයා. (පි. 412)

භොගී

පු. භොගවත්හු, භොග ඇත්තා, සර්‍පයා. (පි. 412)

භොජ

න. පු. වහල් බවින් මිදීම, ගම්වැසියා. (පි. 412)

භොජක

පු. අනුභව කරන්නා, ප්‍රයොග ගන්නා අය. (පි. 412)

භොජන

න. බොජුන, ආහාරය. (පි. 412)

භොජනක

න. භොජනය. (පි. 412)

භොජනීය

පු. බුදියයුතු දේ, අනුභව කටයුතු දේ. (පි. 412)