සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 709

මන්දාලක

පු. මන්දාරම. (පි. 417)

මන්දිර

න. පුරය, ප්‍රාසාදය, ගෘහය (පි. 417)

මන්දිරාලින්ද වත්ථු

න. ගෘහාලින්දයාගේ අධිෂ්ඨානය. (පි. 417)

මනාති

ක්‍රි. (√ භු. මන, පත්ථරණෙ, පැතිරීමෙහි +ති) පැතිරෙයි. (පි. 417)

මනාප

ති. සිත්කලු, මන වඩන. (පි. 417)

මනාපක

පු. මනවඩන, මනාප. (පි. 417)

මනාපදායක

ති. කැමති දෙය දෙන තැනැත්තා. (පි. 417)

මනාපික

ති. මනවඩන. (පි. 417)

මනාල

න. බබුස් තණ. (පි. 417)

මනින්ද්‍රිය

න. මනස් ඉන්ද්‍රිය, මනස, මනායතනය. (පි. 417)

මනු

√ න. ඤාණෙ, දැනීමෙහි, මනොති, දනී, මනුස්සො. (පි. 417)

මනුජ

පු. මනුෂ්‍යයා, මිනිහා. (පි. 417)

මනුජාධිප

පු. මනුෂ්‍යාධිපයා, රජු. (පි. 417)

මනුඤ්ඤ

ති. සිත්කලු දෙය, මනොඥ. (පි. 417)

මනුතෙ

ක්‍රි. (√ භු. මන, ඤාණෙ, ඤාණයෙහි, හඟියි. (පි. 417)

මනුස්ස

පු. මනුෂ්‍යයා, මිනිහා. (පි. 417)

මනුස්ස ධම්ම

පු. වෙමුණි රජ, ධ්‍යානාදියෙන් තොරවූ සාමාන්‍ය මනුෂ්‍යයාට අයිති දශ කුසල ධර්‍මය. (පි. 418)

මනුස්සත්ත

න. මනුෂ්‍යාත්මභාවය, මිනිසත්බව. (පි. 418)

මනුස්සලොක

පු. මිනිස් ලොව, මනුෂ්‍යවාසය. (පි. 418)

මනුස්සවරාක

පු. මනුෂ්‍ය ලාමකයා, හීන මිනිහා, මහත් මනුෂ්‍යයා. (පි. 418)

මනුස්සික

පු. මිනිසුන්ට අයත්, මිනිසුන්ට සුදුසු. (පි. 418)

මනෙසික

පු. සිතෙන් සිතන ලද්ද, දැන කරන ක්‍රීඩාව. (පි. 418)

මනො තොස

පු. සිත් සතුට, සන්තොසය. (පි. 418)

මනො දොස

පු. මනො දුච්චරිතය. (පි. 418)