සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 711
මනොහර
න. සිත්කලු, මනොරම, සිත පැහැර ගන්නා. (පි. 418)
මප
√ චු. මාපනෙ, මැවීමෙහි, මාපෙති, මාපයති, සාදයි, මවයි. (පි. 418)
මබ්බ
√ භු. ගමනෙ, යාමෙහි, මබ්බති, යෙයි. (පි. 418)
මබ්භ
√ භු. ගමනෙ, යාමෙහි, මබ්භති, යෙයි. (පි. 418)
මමං
අ. මාගේ, මාවිසින්, මට, මා (පි. 418)
මමඞ්කාර
පු. අහඞ්කාර, ආඩම්බරය. (පි. 418)
මමත්ත
න. මමත්වය, ආදරය. (පි. 418)
මම්ම
පු. ගිවුලුගස, මර්මස්ථානය, මරණ සිදු කරන තැන්. (පි. 418)
මම්මච්ඡෙද
පු. මර්ම සිඳීම, බල නහර සිඳීම. (පි. 418)
මම්මන
පු. ගොතයා, ගොත ගසා කථා කරන්නා. (පි. 418)
මමායති
ක්රි. මමත්වය කරයි. (පි. 418)
මමායන
න. මමත්වය කිරීම. (පි. 418)
මමායිත
ති. මමත්වය කළ. (පි. 418)
මමිං කරොති
ක්රි. අහඞ්කාර කරයි, ආඩම්බර කරයි. (පි. 418)
මමිංකාර
පු. මම වෙමියි යන දෘෂ්ටිය. (පි. 419)
මය
√ භු. ගමනෙ, යාමෙහි, මයති, යෙයි.
පු. එයින් කරන ලද්දේ යනාර්ථයෙහි වූ ප්රත්යයක්, මනොමය, සුවණ්ණමය, රජතමය. (පි. 418)
මයා
අ. මා විසින්, මා කරණ කොට. (පි. 418)
මයුඛ
පු. රස්මිය, මොනරා. (පි. 418)
මයුර
පු. මොනරා. (පි. 419)
මයුරක
පු. සැබෝගස. (පි. 419)
මයුරවීදලා
ඉ. කලුත්රසත්රවාළු. (පි. 419)
මර
√ භු. පාණචාගෙ, ප්රාණ ත්යාගයෙහි, මරති, මැරේ, මරණං, මච්චො. (පි. 419)
මරණ
න. මැරීම, කාලක්රියාව, මරණය. (පි. 419)
මරණමඤ්ච
පු. මරණාසන්නයෙහි හෝනා ඇඳ, අනුට්ඨාන සෙය්යාව. (පි. 419)