සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 712
මරණමුඛ
පු. මරණවාරය, මරණාසන්නය. (පි. 419)
මරණසති
ඉ. මරණය ගැන පවත්වන සිහිය. (පි. 419)
මරණානුස්සති
ඉ. මරණය සිහිකිරීම, නිතොර මරණය ගැණ සිහිකිරීම. (පි. 419)
මරති
ක්රි. (√ භු. මර, පාණවාගෙ, ප්රාණත්යාගයෙහි +ති) (මර+ති) මැරෙයි. (පි. 419)
මරිච
න. මිරිස්, ගම්මිරිස්. (පි. 419)
මරිචි
ඉ. මිරිඟු, මිරිඟුදිය, මිගතණ්හිකා, මිරිඟු, ජලය. (පි. 419)
මරියාදා
ඉ. සීමාව, ඉම-චාරිත්රය. (පි. 419)
මරිස
√ චු. මමායං, ඉවසීමෙහි, මරිසෙති, මරිස්සති, ඉවසයි, ක්ෂමාකරවයි. (පි. 419)
මරිසු
√ භු. ඛමායං, ඉවසීමෙහි, මරිස්සති, ඉවසයි. (පි. 419)
මරීචි
න. රශ්මිය, දීප්තිය, මිරිඟුදිය. (පි. 419)
මරීචිකම්මට්ඨාන
න. ආත්ම භාවය මිරිඟු ජලයකට උපමා කොට භාවනාකිරීම වූ කමටහන. (පි. 419)
මරීචිකා
ඉ. මරීචි, මෘග තෘෂ්ණිකා. (පි. 419)
මරීචිධම්ම
පු. මිරිඟු ස්වභාව, මිරිඟු වැනි ගතිය. (පි. 419)
මරු
පු. ශෛලය, ගල, නිරූදක ප්රදේශය, දෙවියා. (පි. 419)
මරුකන්තාර
පු. අමනුෂ්යාධිගෘහිත කාන්තාර. (පි. 419)
මරුම්බ
න. සුවඳ ඇති පස් වර්ගයක්, සුවඳැති වැලි ජාතියක්. (පි. 419)
මරුවක
පු. කුකුරුමුවන් ගස. (පි. 419)
මල
√ භු. ධාරණෙ, දැරීමෙහි, මලති, දරයි.
න. ගූථය, කිළුටුදෙය. (පි. 419)
මලය
පු. එනම් පර්වතය, එනම් දීපය, වනාන්තරය. (පි. 419)
මලයජ
පු. මලය පර්වතයෙහි හටගත් දෙය, සඳුන්ගස. (පි. 419)
මලලිකා
ඉ. බෝ ලිද්ද. (පි. 419)
මල්ල
√ භු. ධරණෙ, දැරීමෙහි, මල්ලති, දරයි, මල්ලො.
පු. යෝධයා, යුද්ධභටයා, සෙබලා. (පි. 419)
මල්ලක
පු. මාලාව, මල්දම, ක්රීඩාභාණ්ඩයක්. (පි. 419)