සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 732
මූළ්හ
ති. ජඩ අය, මුළාවූ අය, ජඩගතිය. (පි. 429)
මූළ්හගබ්භ
පු. මූඪගර්භය, විපතට පැමිණි දරුගැබ. (පි. 429)
මූළ්හරූප
න. මුළාවන ස්වභාව, මුළාවන ගතිය. (පි. 429)
මෙ
√ භු. දානා දානෙසු, දීමෙහි, ගැනීමෙහි, මෙති, මයති, දෙයි, ගනී.
අ. මා විසින්, මට, මාගේ (පි. 429)
මෙඛලා
ඉ. මෙඛලාදාමය, මෙවුල්දම, රසනා දාමය. (පි. 429)
මෙඛලිඛා
ඉ. බඳපටිය, හවඩිය, මෙඛලාදාමය, කැසපට. (පි. 429)
මෙඝ
අ. වැහිවලාව, වලාකුළ. (පි. 429)
මෙඝනාථ
පු. මෙඝයට අධිපතියා, වැහිකළු ආරක්ෂකයා කොට ඇත්තා. (පි. 429)
මෙචක
පු. වාලධිය, ඇස්පිල. (පි. 429)
මෙජ්ජති
ක්රි. (√ දි. මදි, හාසෙ, සිනා ඉපදීමෙහි +ති) තරවෙයි. (පි. 429)
මෙජ්ඣ
ති. පවිත්ර දෙය, පිරිසිදු. (පි. 429)
මෙට
√ භු. උම්මත්තෙ, උමතුබැව්හි, මෙටති, උමතුවෙයි. (පි. 429)
මෙටක
ති. තෘෂ්ණ වස්තු, කළු ලුණු. (පි. 429)
මෙණ්ඩ
පු. පොරගසන එළුවා, එළුවා. (පි. 429)
මෙණ්ඩක
පු. එළුවා, පොරගසන එළුවා. (පි. 429)
මෙණ්ඩපත
න. බැටළුවන් යන මාර්ගය, බැටළු පාර. (පි. 429)
මෙණ්ඩයුධ
න. එළු යුද්ධය, එළුවන් පොර ඇනීම. (පි. 429)
මෙතති
ඉ. මෛත්රිය. (පි. 430)
මෙත්ත
පු. මෛත්රය. (පි. 429)
මෙත්තා
ඉ. මෛත්රය. (පි. 429)
මෙත්තා කම්මට්ඨාන
න. මෛත්රීකර්ම ස්ථානය, මෙත් කමටහන. (පි. 430)
මෙත්තාචෙතො විමුත්ති
ඉ. මෛත්රීචිත්ත විමුත්තිය. (පි. 430)
මෙත්තායති
ක්රි. (මෙත්තා+ආය+ති) මෛත්රී කෙරෙයි. (පි. 430)
මෙත්තායනා
ඉ. මෛත්රී කිරීම. (පි. 430)