සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 733

මෙත්තෙය්‍ය

ති. මෑනියන්ට හිත ක්‍රියා, මෛත්‍රියෙන් යුත් බව. (පි. 430)

මෙත්තෙය්‍යතා

ඉ. මෙත්තෙය්‍ය භාවය. (පි. 430)

මෙථුන

න. සඞ්ගමය, රති ක්‍රීඩාව, ස්ත්‍රී පුරුෂ සඞ්ගමය. (පි. 430)

මෙථුනක

පු. මෙථුන. (පි. 430)

මෙථුනා විරති

ඉ. මෛථුන විරතිය. (පි. 430)

මෙද

පු. ශරීර ගත එනම් මේදස් තෙල. (පි. 430)

මෙදක

පු. මේද බලනු. (පි. 430)

මෙද්ධ

√ භු. පීඩායං, සාමග්ගියෙච, පෙළීමෙහි, එකතුවීමෙහි, මෙධති, පෙළයි එකතුවෙයි.
පු. ප්‍ර‍ඥාව, ඥානය, පැණ. (පි. 430)

මෙද්ධග

පු. කලහය, ඩබරය, කලබලය. (පි. 430)

මෙදිනී

ඉ. පෘථිවිය, පොළව. (පි. 430)

මෙදෙති

ක්‍රි. (√ භු. මෙද, හිංසාසු, හිංසාවෙහි +ණෙ+ති) තර කෙරෙයි. (පි. 430)

මෙධ

√ භු. හිංසායං, හිංසා කිරීමෙහි, මෙධති හිංසා කරයි. (පි. 429)

මෙධා

ඉ. ප්‍ර‍ඥාව. (පි. 430)

මෙධාවිතා

ඉ. ප්‍රාඥභාවය, පාණ්ඩිත්‍යය. (පි. 430)

මෙධාවී

පු. ප්‍ර‍ඥා ඇත්තා, පණ්ඩිතයා. (පි. 430)

මෙධි

ඉ. කණුව, ස්ථම්භය, ස්ථූපයක කොටසක් (පි. 429)

මෙරය

න. පුෂ්පාදියෙන් කළ සුරාව, පුප්ඵාසව, ඵලාසව මධ්වාසව ගුද්ධාසව, සසම්භාර සයුත්තාසව යන ආසව පස. (පි. 430)

මෙරිත

ති. බියෙන් එළවනලද, බියගන්වන ලද. (පි. 430)

මෙරු

පු. මහමෙර, මෙරු පර්‍වතය. (පි. 430)

මෙවු

√ භු. සෙවනෙ, සෙවනයෙහි, මෙවති, සේවනය කරයි. (පි. 430)

මෙස

පු. පොරගසන එළුවා, එළුවා, එනම් රාසිය. (පි. 430)

මෙහ

පු. ප්‍රමෙහය, ප්‍රමෙහ නම් රෝගය. (පි. 430)

මෙහන

න. ස්ත්‍රී පුරුෂ නිමිති, ස්ත්‍රී පුරුෂ ලිඟු. (පි. 430)

මොක්ඛ

√ භු. මොචෙ, මිදීමෙහි, මොක්ඛති, මිදේ.
පු. මොක්ෂය, මිදීම, නිවන.
ති. ප්‍ර‍ධාන, උතුම්, පාමොක්ඛ.
√ චු. පටික්ඛෙපෙ, ප්‍ර‍තික්ෂෙපයෙහි, මොක්ඛෙති, මොක්ඛයති, ප්‍ර‍තික්ෂෙපකරයි. (පි. 430)