සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 774
ලොකන්තරික
න. චක්‍රවාට තුණක් එක්වූ තැන පිහිටන අන්ධකාරයෙන් පිරුණු දුක් බහුල එනම් නිරය. (පි. 452)
ලොකනාථ
පු. ලොකගරු, බුදුරජ, ලොකුත්තම, ලොක නායක. (පි. 451)
ලොකනායක
පු. ලෝකනායක. (පි. 452)
ලොකනිරොධ
පු. ලෝකනිරොධය, නිවන. (පි. 452)
ලොකනිස්සරණ
න. ලෝකයෙන් එතෙරවීම, නිවන. (පි. 452)
ලොකපජ්ජොත
පු. ලෝකප්රදීපය, බුදුරජ. (පි. 452)
ලොකපාල
පු. ලෝකාරක්ෂාව, ලොවරැකීම. (පි. 452)
ලොකපාලධම්ම
පු. ලොව ආරක්ෂාකරණ ධර්ම, හිරිඔතප් දෙක, ලජ්ජා භය දෙක. (පි. 452)
ලොකබන්ධු
පු. ලෝකගුරු, බුදුරජ. (පි. 452)
ලොකබ්යූහ
න. ලෝකය පිළියෙළ කිරීම, ලෝක පෙළපාළිය. (පි. 452)
ලොකබ්යූහා
පු. දේව විශේෂයක්. (පි. 452)
ලොකවජ්ජ
න. ලෝකවද්‍ය, ලෝකයෙන් වන වරද, සාමාන්‍ය වරද. (පි. 452)
ලොකවට්ට
න. සංසාර වෘත්තය. (පි. 452)
ලොකවිදූ
පු. ලෝකඥ, ලෝකය දත් තැනැත්තා, බුදුරජ. (පි. 452)
ලොකවිවරණ
න. එනම් ප්‍රාතිහාර්‍ය්‍යය, යමාමහපෙළහර. (පි. 452)
ලොකවොහාර
පු. ලෝකයෙහි ව්‍යවහාරය. (පි. 452)
ලොකාධිපතෙය්‍ය
ති. ලෝකාධිපතිභාවය. (පි. 452)
ලොකාමිස
න. ලෝකයාගේ පස්කම් රසයට හේතුවන දේ. (පි. 452)
ලොකායත
න. විතණ්ඩශාස්ත්‍රය. (පි. 452)
ලොකායත මහාපුරිසලක්ඛණ
න. ලෝකායත ශාස්ත්‍රය හා මහාපුරුෂ ලක්ෂණ ප්‍රකාශ ශාස්ත්‍රය. (පි. 452)
ලොකායතික
ති. විතණ්ඩ වාදයට අයත්, එනම් දර්ශනයට අයිති. (පි. 452)
ලොකිය
ති. ලෞකික, ලෝකයට අයත්, ක්ලේශ නිරොධය හැර අවශේෂ ලෝකය පිළිබඳ සියල්ල. (පි. 452)
ලොකුත්තර
පු. ලෝකොත්තර, පෘථග්ජන ලෝකයෙන් එතරව පැවති, ලෝකයෙන් උසස්ව පැවති ධර්මය. (පි. 452)
ලොකුත්තරදායාද
පු. ලෝකොත්තර දෑවැද්ද, නිවන. (පි. 452)