සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 773
ලෙප
පු. ලෙපය, ආලේපය. (පි. 451)
ලෙපක
පු. සුධාජීවීහු, ආලේප කරන්නා. (පි. 451)
ලෙපති
ක්රි. (√ භු. ලෙප, සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) සායම් ගෑම, ආලේප කරයි. (පි. 451)
ලෙපන
න. ආලේපය, සායම් ආදිය ගෑම. (පි. 451)
ලෙපෙය්යාදි
පු. ලිපි ආදිය. (පි. 451)
ලෙය්ය
න. ලෙවිය යුත්ත, ලෙව කෑ යුතු දේ. (පි. 451)
ලෙස
ති. ස්වල්පය, ටික, ඡායාව. (පි. 451)
ලෙසමත්ත
ති. ස්වල්පමාත්රය, ඡායාමාත්රයක්. (පි. 451)
ලෙහති
ක්රි. (√ භු. ලිහ, අස්සාදනෙ, රසවිදීමෙහි +ති) ලෙවයි, ලොවියි. (පි. 451)
ලෙහනීය
ති. ලෙවියයුත්ත, ලෙවකෑ යුත්ත. (පි. 451)
ලොක
√ චු. දිත්තියං, දීප්තියෙහි, ලොකෙති, ලොකයති, බබලයි, දිලිසෙයි.
පු. ලෝකය, ජගත්, සත්ථාවාසය. සත්වයා, විනාසවන ස්වභාව ඇති වස්තුව, ශරීරය.
√ භු. දස්සනෙ, දැකීමෙහි, ලොකති, බලයි.
√ චු. දස්සනෙ, දැකීමෙහි, ලොකෙති, ලොකයති, බලයි. (පි. 451)
ලොකක්ඛ්යායික
න. ලෝකය පිළිබඳ කථා, ලෝකසණ්ඨානාදි ප්රවෘත්ති පිළිබඳ කථා. (පි. 452)
ලොකගරු
පු. ලෝකෝත්තම, බුදුරජ. (පි. 451)
ලොකජි
පු. බුදුරජ. (පි. 452)
ලොකජින
පු. මුනීන්ද්ර, බුදුරජ. (පි. 452)
ලොකජෙට්ඨ
පු. ලෝකශ්රේෂ්ඨ, බුදුරජ. (පි. 452)
ලොකතන්ති
ඉ. ලොකප්රවේණිය, ලොකසම්මතය. (පි. 451)
ලොකත්තය
පු. ලෝකත්රය, ත්රිවිධලෝකය. (පි. 452)
ලොකත්තයවිදූ
පු. ත්රිවිධ ලෝකය දත් තැනැත්තා. (පි. 452)
ලොකති
ක්රි. (√ භු. ලොක, දස්සනෙ, දැකීමෙහි +ති) දකියි. (පි. 452)
ලොකදීප
පු. ලෝකප්රදීපය, බුදුරජ. (පි. 452)
ලොකධම්ම
පු. ලෝකස්වභාව, අෂ්ටලෝක ධර්මය, ලෝකධර්මය. (පි. 451)
ලොකන්ත
පු. ලෝකයාගේ කෙළවර, නිවන. (පි. 452)
ලොකන්තඤ්ඤ
පු. ලෝකයේ කෙළවරට ගිය තැනැත්තා, බුදුරජ. (පි. 452)