සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 819

විනොදෙති

ක්‍රි. (√ භු. නුද, ඛෙපණෙසු, දැමීමෙහි +ණෙ+ති) විනොදනය වෙයි. (පි. 472)

විපක්ක

පු. විපක්ෂ, විරුද්ධ, සතුරා, පැසුණු. (පි. 473)

විපක්ඛ

පු. විපක්ෂ විරුද්ධ. (පි. 473)

විපක්ඛසෙවන

න. විපක්ෂ සේවනය, සතුරු සේවනය. (පි. 473)

විපක්ඛී

පු. විපක්ෂ ඇත්තා, සතුරා. (පි. 473)

විපච්චති

ක්‍රි. (√ භු. පච පාකෙ, පිසීමෙහි +ති) විපාක වෙයි, පැසෙයි. (පි. 473)

විපච්චන

න. පැසවන, විපාක දෙන. (පි. 473)

විපච්චනක

පු. විපාක දෙන, පැසවන. (පි. 474)

විපච්චනික

ති. විරුද්ධ, සතුරු. (පි. 474)

විපච්චනීය

පු. විරුද්ධ, සතුරු. (පි. 474)

විපජ්ජති

ක්‍රි. (√ භු. පද, ගතියං, යෑමෙහි +ති) වරදියි, විනාශ වෙයි. (පි. 474)

විපජ්ජන

න. විනාශ වීම, වැරදීම. (පි. 474)

විපඤ්චන

න. අවබෝධ කිරීම. (පි. 474)

විපඤ්චිත

ති. අවබෝධ කළ. (පි. 474)

විපඤ්චෙති

ක්‍රි. (√ දි. පචි, විත්ථාරෙ පළල් කිරීමෙහි +ණෙ+ති) අවබෝධ කරයි. (පි. 474)

විපතති

ක්‍රි. පතිතවෙයි, වැටෙයි. (පි. 474)

විපත්තී

ඉ. විපත, විනාශය. (පි. 474)

විපථ

පු. නොමග, අපායමාර්‍ගය, වැරදි මාර්‍ගය (පි. 474)

විපන්න

ති. වරදවා පැමිණී, වැරදි, සදොස්. (පි. 474)

විපන්නදිට්ඨි

ඉ. මිථ්‍යාදෘෂ්ටිය, වැරදි දෘෂ්ටිය. (පි. 474)

විපරක්කම

පු. උත්තම පරාක්‍ර‍මය. (පි. 474)

විපරාමොස

පු. හිම තෘණාදියෙන් මාර්‍ගය වසා ජනයා මුලා කිරීම. (පි. 474)

විපරාවත්ත

ති. වෙනස් කළ, මාරුකළ. (පි. 474)

විපරිනත

ති. පරිවර්‍තණය කරන ලද, පෙරලෙන ලද. (පි. 474)