සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 820

විපරිනමන

න. නැමීම කරන, අවනතකරන. (පි. 474)

විපරිනාම

පු. පෙරළීම, පරිවර්තණය. (පි. 474)

විපරියාදිකත

ති. විපරියායකත, විපර්‍ය්‍යාස කළ. (පි. 474)

විපරියාස

පු. විපර්‍ය්‍යාසය, පරිවර්තණය. (පි. 474)

විපරියෙස

පු. විරුද්ධය, වැරැද්ද. (පි. 474)

විපරියෙසගාහ

පු. විරුද්ධග්‍ර‍හණය, වැරදි ගැන්ම. (පි. 474)

විපරිවත්ත

ති. රවුමට කැරකැවුනු, වටේට කරකැවුනු. (පි. 474)

විපරිවත්තන

න. විපර්‍ය්‍යාසය, පෙරළීම. (පි. 474)

විපරිවත්තෙති

ක්‍රි. (√ භු. වතු, වත්තනෙ, පැවතීමෙහි + වි+ පරි+ත්ත+ණෙ+ති) වටේට පෙරළෙයි. (පි. 474)

විපරීකත

ති. විපර්‍ය්‍යාසකරණ ලද. (පි. 474)

විපරීත

පු. විපර්‍ය්‍යාස. (පි. 474)

විපල්ලත්ථ

න. රියසක. (පි. 474)

විපල්ලාස

පු. විපර්‍ය්‍යාසය. (පි. 474)

විපල්ලාසගාහ

පු. වරදවා ගැන්ම, වැරදි ග්‍ර‍හණය. (පි. 474)

විපල්ලාසයති

ක්‍රි. (√ භු. ලස, කීලනෙසු, සෙල්ලම් කිරීමෙහි +ති) වරදවා ගනු ලබයි. (පි. 474)

විපස්සක

පු. විදර්‍ශනා කරන්නා, බලන්නා. (පි. 474)

විපස්සති

ක්‍රි. (√ භු. දිස, පෙක්ඛණෙ, බැලීමෙහි +වි+දිස් = ස්ස+ති) බලයි. (පි. 474)

විපස්සන

න. බැලීම, නිරීක්ෂණය. (පි. 474)

විපස්සනා

ඉ. විදර්‍ශනාව, ප්‍ර‍ඥා විශේෂයක්. (පි. 474)

විපස්සනාකම්මට්ඨාන

න. විදර්‍ශනා කර්‍මස්ථානය. (පි. 474)

විපස්සනාධුර

විදර්‍ශනාධුරය. (පි. 474)

විපස්සනාපඤ්ඤා

ඉ. විදර්‍ශනාප්‍ර‍ඥාව. (පි. 474)

විපස්සි

පු. බලන්නා, පණ්ඩිතයා, එනම් බුදුරජ. (පි. 474)

විප්ප

පු. බ්‍රාහ්මණ, බමුණා, විප්‍ර‍. (පි. 472)