සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 824

විභජිත

ති. බෙදූ, බෙදන ලද, කොටස් කළ. (පි. 475)

විභත්ත

ති. බෙදන ලද, විභාග කළ. (පි. 475)

විභත්ති

ඉ. බෙදීම, ප්‍ර‍ථමා දුතියාදි විභත්ති, (පි. 475)

විභන්ත

ති. භ්‍රාන්ත, තැතිගත්. (පි. 475)

විභම

පු. භ්‍රාන්තිය, ලීලාව, ඉවතයාම. (පි. 475)

විභමති

ක්‍රි. (√ භු. භමු අනවට්ඨානෙ, නොනැවතීමෙහි +ති) තපස් භාවයෙන් ගිහිවෙයි, සිව්රු හරියි. (පි. 475)

විභමන

න. තාපස භාවයෙන් ඉවත්ව ගිහි බවට යාම, සිවුරු හැර යාම. (පි. 475)

විභව

පු. ධනය, අභාවය. (පි. 475)

විභවතණ්හා

ඉ. උච්ඡෙද දෘෂ්ටි සහගත රාගය (පි. 475)

විභවදිට්ඨි

ඉ. විභව තණ්හා. (පි. 475)

විභාකර

පු. සූර්‍ය්‍යයා, හිරු. (පි. 475)

විභාග

පු. බෙදීම, පරීක්ෂණය. (පි. 475)

විභාජන

න. බෙදීම, වෙන් කිරීම. (පි. 475)

විභාත

ති. අලුයම, ප්‍ර‍ත්‍යුෂය. (පි. 475)

විභාති

ක්‍රි. (√ භු. භා. දිත්තියං, දීප්තියෙහි +ති) බබලයි, දිලිසෙයි. (පි. 475)

විභාධති

ක්‍රි. (√ භු. බාධ නීවරණෙ, වැලැක්මෙහි +ති) බාධා කරයි, පෙළයි. (පි. 475)

විභාවන

න. වැඩීම, දියුණු කිරීම. (පි. 475)

විභාවනීය

න. පැහැදිළි කිරීම, විස්තර කිරීම. (පි. 475)

විභාවරී

ඉ. රාත්‍රිය, රැය. (පි. 475)

විභාවසු

පු. වහ්නිය, ගින්න, සූර්‍ය්‍යයා. (පි. 475)

විභාවිත

ති. වඩනා ලද=වර්‍ධනය කළ=වැඩූ (පි. 475)

විභාවිනී

පු. වර්‍ධනය කරන්නී, පුරවන්නී. (පි. 475)

විභාවී

පු. පණ්ඩිතයා=ප්‍රාඥයා. (පි. 475)

විභාසිත

ති. බබලන ලද, දීප්තිමත්. (පි. 475)

විභිංසනක

ති. මහාභයජනක, මහාබිය එළවන. (පි. 475)

විභිත්තික

පු. විබතට අයත්, විභත්ති පිළිබඳ (පි. 475)

විභින්න

ති. බිඳිනා ලද, බිඳිනු. (පි. 475)

විභීටක

පු. බුළුගස, විභීතක. (පි. 475)