සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 861

සඞ්ඝටිත

ති. ගැසූ, තට්ටුකළ, ශබ්දකළ. (පි. 493)

සඞ්ඝත්ථෙර

පු. සංඝයාගේ වැඩිමහලු මහතෙර. (පි. 493)

සඞ්ඝරණ

න. එක්රැස්වීම, රාශීභූතවීම. (පි. 493)

සඞ්ඝරාජ

පු. සංඝයාගේ රජු. (පි. 493)

සඞ්ඝරාජි

ඉ. සංඝභේදය, සංඝයා භේදකිරීම. (පි. 493)

සඞ්ඝාට

පු. දැව වළල්ල. (පි. 493)

සඞ්ඝාටි

ඉ. සඟල සිව්ර, දෙපට සිව්ර. (පි. 494)

සඞ්ඝාටික

පු. සිවුරක් පොරවන්නා. (පි. 494)

සඞ්ඝාත

පු. සමූහය, ගැසීම, එනම් නිරය (පි. 494)

සඞ්ඝාදිසෙස

පු. එනම් විනය කර්‍මය. (පි. 494)

සඞ්ඝානුස්සති

ඉ. එනම් කර්‍මස්ථානය. (පි. 494)

සඞ්ඝික

පු. සඟසතු, සඞ්ඝයාට අයිති. (පි. 494)

සඞ්ඝී

පු. සමූහයා ඇත්තා, පිරිවර ඇත්තා. (පි. 494)

සච

√ භු. වියත්තෙ, වියත්බසෙහි, සචති, කියයි.
√ භු. යොගෙ, යෙදීමෙහි, සචති, යෙදෙයි. (පි. 494)

සච්ච

න. නිර්‍වාණ, ආර්‍ය්‍යමාර්‍ගය, විරතිය, දිවිරීම, සත්‍ය වචන, අවිපරිතාර්ථ, ආර්‍ය්‍යසත්‍ය, දෘෂ්ටිසත්‍යය. (පි. 494)

සච්චකාර

පු. අත්තිකාරම, ඇඩ්වාන්ස් දීම. (පි. 494)

සච්චදදස

පු. සර්‍වඥ. (පි. 494)

සච්චනාම

පු. සර්‍වඥ. (පි. 494)

සච්චානුබොධ

පු. සත්‍යාවබෝධය. (පි. 494)

සච්චාපන

න. අත්තිකාරම. (පි. 494)

සච්ඡන්ද

ති. ස්වෙච්ඡාව පවත්වන්නා. (පි. 494)

සච්ඡි

පු. ප්‍ර‍ත්‍යක්ෂයෙහි, ඉන්ද්‍රිය ගෝචරයෙහි (පි. 494)

සච්ඡිකත

ති. ප්‍ර‍ත්‍යක්ෂකළ. (පි. 494)

සච්ඡිකරණ

න. ප්‍ර‍ත්‍යක්ෂ කිරීම. (පි. 494)