සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 862

සච්ඡිකරණීය

ති. ප්‍ර‍ත්‍යක්ෂ කටයුතු. (පි. 494)

සච්ඡිකිරිය

ති. ප්‍ර‍ත්‍යක්ෂ කිරීම. (පි. 494)

සචිත්ත

න. ස්වකීය චිත්තය, සිය සිත. (පි. 494)

සචිපති

පු. ශක්‍ර‍යා. (පි. 494)

සචිව

පු. විශ්වාස ඇමතියා. (පි. 494)

සචෙ

අ. අනියමාර්ථයෙහි, ඉඳින්, එහෙයින්. (පි. 494)

සචෙතන

ති. සිත් සහිත, චෙතනා සහිත. (පි. 494)

සජ්ජ

√ චු. සජ්ජනෙ, සැදීමෙහි, සජ්ජෙති, සජ්ජයති, සාදයි.
√ භු. විසජ්ජනෙ, හැරීම් ආදියෙහි, සජ්ජති, හරියි.
√ භු. සජ්ජනෙ, ඇඳීමෙහි, සැපයීමෙහි, සජ්ජති, අඳියි, සපයයි.
ති. සන්නාහසන්නද්ධයා, සැරසුනු.
√ භු. ගමනෙ, යාමෙහි, සජ්ජති, යෙයි. (පි. 494)

සජ්ජන

න. සෑදීම.
පු. සත්පුරුෂයා, ආඪ්‍ය කුල ඇත්තා. (පි. 494)

සජ්ජා

ඉ. ආසනය, කවිච්චිය, සැටිය. (පි. 494)

සජ්ජිත

ති. සැරසු, පිළියෙල කළ (පි. 494)

සජ්ජු

පු. එකෙණෙහි, සමාන කාලය. (පි. 494)

සජ්ජූලස

පු. දුම්මල. (පි. 494)

සජ්ඣ

න. රිදී. (පි. 494)

සජ්ඣායක

පු. හදාරන්නා, ඉගෙනගන්නා. (පි. 494)

සජ්ඣායන

න. හැදෑරීම, ඉගනීම. (පි. 494)

සජ්ඣායිත

ති. හදාළ, ඉගෙනගත්. (පි. 494)

සජ්ඣු

න. රිදී. (පි. 494)

සඤඣා

ඉ. සවස, සවස් කාලය. (පි. 495)

සඤ්චය

පු. රැස් කිරීම. (පි. 494)

සඤ්චරණ

න. හැසිරීම, ඇවිදීම. (පි. 494)

සඤ්චරිත්ත

න. ඉදිරියට හා පිටුපසට යෑම, මෛථුනය. (පි. 494)

සඤ්චාඝන

න. සවස් වේලෙහි, වළාකුල්. (පි. 495)

සඤ්චාර

න. හැසිරීම, යෑම, පසුකර යෑම. (පි. 494)