සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 860

සඞ්ගණිකා

ඉ. සමාගම, රැස්වීම, පනිවිඩ ක්‍ර‍මය. (පි. 493)

සඞ්ගණිකාරාම

න. සමූහයා හා ඇසුරු කිරීමට ඇති ආශාව. (පි. 493)

සඞ්ගත

ති. සංගතාර්‍ථ. (පි. 493)

සඞ්ගම

පු. සමාගම, එක්රැස්වීම. (පි. 493)

සඞ්ගර

පු. චිත්‍රාකාරය, අල්ලස්දීම, බලය, රාසිය, විපත, යුද්ධය, ප්‍ර‍තිඥාව. (පි. 493)

සඞ්ගහ

පු. අනුකම්පාව, සංක්ෂෙපය, ගැනීම යන මෙහි. (පි. 493)

සඞ්ගහන

න. සඞ්ග්‍ර‍හකිරීම. (පි. 493)

සඞ්ගහවත්ථු

ඉ. අනුන්ගේ සිත් ගැනීමට හේතුවන දාන ප්‍රිය වචන අර්ථචර්‍ය්‍යා සමානාත්මතා යන සතර සඞ්ගහ වස්තු. (පි. 493)

සඞ්ගහිත

ති. සඞ්ග්‍ර‍හකළ. (පි. 493)

සඞ්ගාණික විහාර

පු. සමූහයා හා ජීවත්වීම. (පි. 493)

සඞ්ගාම

√ චු. යුද්ධෙ, යුද්ධ කිරීමෙහි, සඞ්ගාමෙති, සඞ්ගාමයති, යුද්ධකෙරෙයි. (පි. 493)

සඞ්ගාමයොධ

පු. සඞ්ග්‍රාමයෙහි යෙදුණු යෝධයා. (පි. 493)

සඞ්ගාමවිජිත

ති. දිනනලද සඞ්ග්‍රාම ඇත්තා (පි. 493)

සඞ්ගාමාවචර

පු. සඞ්ග්‍රාමයෙහි හැසිරෙන්නා. (පි. 493)

සඞ්ගායති

ක්‍රි. (√ භු. ගා, සද්දෙ, ශබ්දයෙහි +ති) සංගායනා කරයි. (පි. 493)

සඞ්ගායික

ති. සංගායකයන් හා ඇති සම්බන්ධය. (පි. 493)

සඞ්ගාහික

ති. සංගායකයනට අයත්. (පි. 493)

සඞ්ගීත

ති. සංගායනා කළ, ගායනා කළ. (පි. 493)

සඞ්ගීති

ඉ. තූර්‍ය්‍යය, සංගායනාව. (පි. 493)

සඞ්ගීතිකාරක

පු. සංගායනාවනට අයත් මහ තෙරවරු. (පි. 493)

සඞ්ඝ භෙද

පු. සංඝයා භේද කිරීම, එනම් ආනන්තරිය කර්‍මය. (පි. 493)

සඞ්ඝකම්ම

න. පොහෝ කිරීම් ආදි විනය (සඞ්ඝ) කර්‍ම. (පි. 493)

සඞ්ඝගත

ති. සඞ්ඝයාට අයත්, සංඝික කළ. (පි. 493)

සඞ්ඝට්ටන

න. ගැටීම.
න. ගැටීම, එකට එකතුවීම. (පි. 493)