සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 859

සඞ්කුක

ති. සැකයට පත් කළ. (පි. 487)

සඞ්කුපථ

න. කටු කොහොල් සහිත මාර්‍ගය. (පි. 492)

සඞ්කුල

ති. පෙර පසු විරුදුබස, ගැවසීගද් දෙය. (පි. 492)

සඞ්කොච

පු. කොකුම්. (පි. 492)

සඞ්ඛ

පු. න. සක්, නළල් ඇට, ගොප් ඇට. ගණන. (පි. 493)

සඞ්ඛත

ති. සඞ්ඛට, රචිත, ග්‍රන්ථනය කළ.
පු. සංස්කාරයන් විසින් කරන ලද, ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම. (පි. 493)

සඞ්ඛත ලක්ඛණ

න. ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍මයන්ගේ ස්වභාව ලක්ෂණය, උත්පාදය, විනාශය, විපරිනාමය යන ලක්ෂණත්‍ර‍ය. (පි. 493)

සඞ්ඛනඛ

පු. සක්බෙල්ලා. (පි. 493)

සඞ්ඛපත්ත

පු. සක්පත. (පි. 488)

සඞ්ඛල

ති. ඇතුන් බඳින දම. (පි. 493)

සඞ්ඛලික

න. මාංචුව, හැකිල්ල. (පි. 493)

සඞ්ඛ්‍යා

ඉ. සඞ්ඛ්‍යාව, ගණන. (පි. 493)

සඞ්ඛ්‍යාණ

න. ගණන, සඞ්ඛ්‍යාව. (පි. 493)

සඞ්ඛ්‍යාත

ති. පරිමිත දෙය. (පි. 493)

සඞ්ඛා

ඉ. ප්‍ර‍ඥා, භාග, පණන, ගණන. (පි. 493)

සඞ්ඛාත

න. ගණන. (පි. 493)

සඞ්ඛාය

පු. සිතා, සලසා, කල්පනාකොට. (පි. 493)

සඞ්ඛාර

පු. ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම, පුණ්‍යාභි සංස්කාරාදිය සව්‍යාපාරත්වය, කාය සංස්කාරාදිය, භූම්‍යාදි සංස්කාරය. (පි. 493)

සඞ්ඛාර ලොක

පු. ද්‍ර‍ව්‍යමය, ලෝකය, සංස්කාර ලෝකය. (පි. 493)

සඞ්ඛාරුපෙක්ඛා

ඉ. සංස්කාරයන් ගැණ ඇති මැදිහත්කම. (පි. 493)

සඞ්ඛිත්ත

ති. සංක්ෂෙපකළ. (පි. 493)

සඞ්ඛෙප

පු. සංක්ෂෙපය, ලුහුඬුකිරීම. (පි. 493)

සඞ්ඛෙය්‍ය

පු. ගණනින් යුත්ත. (පි. 493)

සඞ්ග

පු. සංගතිය, ඇල්ම. (පි. 493)