සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 883
සම්පජ්ජති
ක්රි. (√ භු. පද, ගතියං, යෑමෙහි +ති) (සං+පද = ජ්ජ+ති) සම්පාදනය වෙයි. (පි. 502)
සම්පජ්ජලන
න. දිලිසීම, බැබලීම. (පි. 502)
සම්පජ්ජලිත
ති. දිලිසෙනලද, බබලන ලද. (පි. 502)
සම්පජාන
න. දැනීම, මනා දැනීම. (පි. 502)
සම්පජානකාරී
පු. මනා ප්රඥාවෙන් යුත් ක්රියා කරන්නා. (පි. 502)
සම්පජානන
න. මනා දැනීම, ජානනය. (පි. 502)
සම්පජානමුසා
ඉ. දැන දැන බොරුකීම. (පි. 502)
සම්පජානාති
ක්රි. දැනගනී, අවබෝධකරගනී. (පි. 502)
සම්පටිච්ඡන
න. ස්වීකාරය, පිළිගැනීම, ප්රතිග්රහණය. (පි. 502)
සම්පටිච්ඡිත
ති. පිළිගත්, පිළිගන්නා ලද. (පි. 502)
සම්පටිවෙධ
පු. මනා ප්රතිවේධය, මනාවබෝධය. (පි. 502)
සම්පත්ත
ති. පැමිණෙනලද, පැමිණි, සම්ප්රාප්ත. (පි. 502)
සම්පත්ති
ඉ. සැපත, සම්පත්තිය, සමෘද්ධිය, ගුණොත්කර්ෂය. (පි. 502)
සම්පත්ථතා
ඉ. මනා ප්රාර්ථනාව, හොඳ පැතීම. (පි. 502)
සම්පති
අ. දැන්, අධුනාකාලයෙහි. (පි. 502)
සම්පද්දුත
ති. දිව්ව, දුවගිය. (පි. 503)
සම්පදා
ඉ. සම්පත්තිය, සමෘද්ධිය. (පි. 503)
සම්පදාති
කි. දෙයි, දානය කරයි. (පි. 503)
සම්පදාන
න. සම්ප්රදානය, දීම. (පි. 503)
සම්පදාලන
න. පැලීම, දෙපළුකිරීම. (පි. 503)
සම්පදාලෙති
ක්රි. (√ භු. දල, විදාරණෙ, දෙපළු කිරීමෙහි +ණෙ+ති) පලයි, දෙපළු කරයි. (පි. 503)
සම්පදාසීල
න. වර්ධනය වූ සිල් ඇතිබව. (පි. 503)
සම්පදිත්ත
ති. දිලිසෙන ලද, ගිනිගෙන බබලන ලද. (පි. 503)
සම්පදුට්ඨ
ති. දූෂ්යවනලද, කෙලසනලද. (පි. 503)