සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 884
සම්පදුස්සති
ක්රි. (√ දි. දුස, අප්පීතියං, නොසතුටු බවෙහි +ති) දූෂ්ය කරයි. කෙලසයි. (පි. 503)
සම්පදොස
න. නපුරුකම, දරුණු බව. (පි. 503)
සම්පධූපායති
ක්රි. (√ භු. ධූප, සන්තාපෙ, තැවීමෙහි +ති) තද දුම් පිටකරයි. (පි. 503)
සම්පධූපෙයති
ක්රි. (√ භු. ධූප, සන්තාපෙ, තැබීමෙහි +ණෙ+ති) තද දුම් පිටකරවයි. (පි. 503)
සම්පප්පලාප
පු. නිශ්ඵල කථා, දෙලොවට වැඩ නැති කථා. (පි. 503)
සම්පභාසති
ක්රි. (√ භු. භාස, වියත්තිං වාචායං වියත් වචනයෙහි +ති) කියයි. තෙපලයි. (පි. 503)
සම්පභුඤ්ජති
ක්රි. (√ භු. භුඤ්ජ, භුඤ්ජනෙ, බුදීමෙහි +ති) අනුභවකරයි, වළඳයි. (පි. 503)
සම්පමද්දති
ක්රි. (√ භු. මද්ද, මද්දනෙ, වැසීමෙහි +ති) මඩියි, මර්දනය කරයි. (පි. 503)
සම්පමද්දිත
ති. මඩනාලද, පොඩිකළ. (පි. 503)
සම්පමූළ්හ
පු. මුළාවූ තැනැත්තා. (පි. 503)
සම්පමොදති
ක්රි. (√ භු. මුද, මොදනෙ, සතුටුවීමෙහි +ති) ප්රමුදිතවෙයි, සතුටු වෙයි. (පි. 503)
සම්පමොදිත
ති. ප්රමුදිතවන ලද, (පි. 503)
සම්පමොහ
පු. මුළාව. (පි. 503)
සම්පයාත
ති. පිටත්ව ගිය, ඉදිරියට ගිය. (පි. 503)
සම්පයුත්තපච්චය
පු. සම්ප්රයුක්ත ප්රත්යය. (පි. 503)
සම්පයොග
පු. එක්ව යෙදීම. (පි. 503)
සම්පයොජෙති
ක්රි. (√ භු. යුජ, යොගෙ, යෙදීමෙහි +ති) යොදයි. (පි. 503)
සම්පරාය
පු. පරලොව, මතුභවය. (පි. 503)
සම්පරායික
ති. පරලොවදී ලබන පලය. (පි. 503)
සම්පරිකඩ්ඪති
ක්රි. (√ භු. කඩ්ඪ, කඩ්ඪනෙ, ඇදීමෙහි +ති) ආපසු අදියි. (පි. 503)
සම්පරිකිණ්ණ
ති. ගැවසීගත්, පිරිවැරූ. (පි. 503)
සම්පරිතාප
පු. තාපය, තැවීම, වියලීම. (පි. 503)
සම්පරිවත්තති
ක්රි. (√ භු. වතු, වත්තනෙ, පැවතීමෙහි +ති) පෙරලෙයි. (පි. 503)
සම්පරිවත්තන
න. පෙරලීම. (පි. 503)