සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 918

සාහසියකම්ම

න. තිරිසන් ක්‍රියාව, භයානක ක්‍රියාව. (පි. 521)

සාහු

අ. ස්වීකාරයෙහි, සාදු, යහපති. (පි. 521)

සාහුණෙය්‍ය

පු. ආහුණෙය්‍යන් සහිත (පි. 521)

සාළ

පු. වෘක්ෂය, සල්රුක, සාල. (පි. 521)

සාළව

න. කෑමජාතියක්, සැලඩ් වර්‍ගයක්. (පි. 520)

සාළික

පු. කුරුළු වර්‍ගයක්, මයිනා. (පි. 520)

සාළිකා

ඉ. සැළලිහිණියා, ශාරිකා. (පි. 521)

සාළූර

පු. බල්ලා, සාලූර. (පි. 521)

සි

අ. නාමාඛ්‍යාත විභක්තිප්‍ර‍ත්‍යය ධාතු යන මෙහි.
√ භු. සයෙ, සයනය කිරීමෙහි, සෙති, සයති, සයනයකරයි.
√ භු. සෙවනෙ, සේවනයකිරීමෙහි, සෙවති, සේවනයකරයි, සෙවනා, සේවකො.
√ කි. බන්ධනෙ, බැඳීමෙහි, සිනාති, බඳියි, සීමා, සීසං.
√ චු. බන්ධනෙ, බැඳීමෙහි, සීයතෙ, බදිනු ලැබේ.
√ භු. ගමනෙ, යාමෙහි, වඩ්ඪනෙ, වැඩීමෙහි, සෙති අතිසෙති යෙයි, වැඩෙයි. (පි. 521)

සිංස

√ භු. ඉච්ඡායං, කැමති වීමෙහි, ආසිංසති, කැමති වෙයි. (පි. 524)

සිංසක

න. ජලජ පැලෑටි වර්‍ගයක්. (පි. 521)

සිංසපා

ඉ. ඇට්ටේරිය. (පි. 521)

සික

√ චු. ආමසනෙ, ආමර්‍ෂණයෙහි, සිකෙති සිකයති, ආමර්‍ෂණයකරයි. (පි. 521)

සිකතා

ඉ. වැලි. (පි. 521)

සික්කා

ඉ. සාල්ල, උඩහල්ල. (පි. 521)

සික්ඛ

√ භු. සික්ඛනෙ, හික්මීමෙහි, සික්ඛති, හික්මෙහි, සික්ඛා, සික්ඛාපදං. (පි. 521)

සික්ඛණ

න. හික්මීම, ශික්ෂණය. (පි. 521)

සික්ඛති

ක්‍රි. (√ භු. සික්ඛනෙ, හික්මීමෙහි +ති) හික්මෙයි. (පි. 521)

සික්ඛමානා

ඉ. උපසම්පදා පිණිස හික්මෙන සාමණේරිය. (පි. 521)

සික්ඛා

ඉ. ශික්ෂාව, වෙදාඞ්ගය. (පි. 521)

සික්ඛාපක

පු. හික්මවන්නා, ආචාර්‍ය්‍යවරයා. (පි. 521)

සික්ඛාපච්චක්ඛාන

න. ශික්ෂාප්‍ර‍ත්‍යාක්ඛානය. (පි. 521)

සික්ඛාපද

න. ශික්ෂාපද, හික්මියයුතු ව්‍යවස්ථා, හික්මිය යුතු කාරණා, සිකපද. (පි. 521)

සික්ඛාපන

න. හික්මවීම, ශික්ෂණයකිරීම. (පි. 521)