සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 923

සිඵා

ඉ. අරළු, හරිතකී. (පි. 523)

සිබ්බ

න. හිස්කබලේ මූට්ටුව. (පි. 523)

සිබ්බති

ක්‍රි. (√ දි. සිවු, සිබ්බනෙ, මැසීමෙහි +ති) හිවයි, මහයි. (පි. 523)

සිබ්බන

න. මැහීම. (පි. 523)

සිබ්බනී

ඉ. ඉදිකටුව, මහන්නී, තෘෂ්ණාව. (පි. 523)

සිබ්බිත

ති. මහනලද, මැහූ. (පි. 523)

සිබ්බිනී

ඉ. ඉදිකටුව, මහන්නී, තණ්හාව. (පි. 523)

සිබී

පු. මොනරා, ගින්න. (පි. 521)

සිභට්ඨායී

පු. යස හා කීර්තියෙන් යුත් තැනැත්තා. (පි. 530)

සිම්බලි

පු. ඉ. ඉඹුල් රුක. (පි. 523)

සිම්බලීවන

න. ඉඹුල් වනය. (පි. 523)

සියා

ක්‍රි. (√ භු. දිස, භුවි, වීමෙහි, අස+සියා ආ) වන්නේය. (පි. 523)

සියුං

ක්‍රි. (√ භු. දිස, භූවි, වීමෙහි දිස+සියුං ආදේශ) වන්නාහුය. (පි. 523)

සිර

පු. න. ශ්‍රේෂ්ඨ, මුදුන. (පි. 523)

සිරා

ඉ. නහර. (පි. 523)

සිරාජාල

න. නහර දැල. (පි. 523)

සිරි

ඉ. ශ්‍රියාව, සිරිය, ශ්‍රී. (පි. 523)

සිරිකණ්ඨ

පු. සිරිකත බොටුවේ ඇත්තේ, ඊශ්වරයා. (පි. 523)

සිරිකර

පු. විෂ්ණු. (පි. 523)

සිරිගභ

පු. යහන් ගබඩාව, සිරි යහන් ගැබ. (පි. 523)

සිරිඝන

පු. සර්‍වඥයන් වහන්සේ. (පි. 524)

සිරිද

පු. වෙසමුනි රජ. (පි. 524)

සිරිපති

පු. ශ්‍රීපති, විෂ්ණු. (පි. 524)

සිරිඵලි

ඉ. බේරුගස. (පි. 523)