සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 924

සිරිමා

පු. ශ්‍රියාවත්, ශ්‍රීමත්, සිරි ඇති. (පි. 523)

සිරිය

පු. තොප්පිය, හිස්වැසුම, තලප්පාව. (පි. 523)

සිරිව්හාන

න. ශ්‍රී දේවිය කැඳවීම. (පි. 524)

සිරිවාස

පු. සරළ ද්‍ර‍ව. (පි. 523)

සිරිවිලාස

පු. ගර්‍වය, විභුතිය, අලංකාරය. (පි. 524)

සිරිවිවාද

පු. සිරියහන් ගැබ පිළිබඳ විවාදය. (පි. 524)

සිරිවෙඨ

පු. සරළද්‍ර‍ව. (පි. 524)

සිරිස

පු. මහරි රුක. (පි. 524)

සිරිසංප

පු. සර්‍පයා, බිම හැසිරෙණ සත්ව වර්‍ගයක්, දලඹු විශේෂයක්. (පි. 523)

සිරිසඤ්ඤ

පු. ලවඟ. දේවකුසුම. (පි. 524)

සිරිසයන

න. ශ්‍රී යහනය. (පි. 524)

සිරී

ඉ. සොභාව, සම්පත්තිය, ශ්‍රීදෙවිය. (පි. 524)

සිරොධරා

ඉ. ග්‍රීවය, බෙල්ල. (පි. 524)

සිරොමණි

පු. සිළුමිණ. (පි. 524)

සිරොරුහ

පු. කෙශය. (පි. 524)

සිරොවෙඨන

න. හිස්වෙළුම, නළල්පට, තලප්පාව. (පි. 524)

සිල

√ භු. සමාධිම්හි, සමාධියෙහි, සීලති, සමාදන් වෙයි.
න. ස්වභාවය, යහපත් පැවැත්ම, ශීලය.
√ භු. උඤ්ඡෙ, සෙවීමෙහි, සිලති, සොයයි. (පි. 524)

සිලාගු

පු. පණුවුල්ලා. (පි. 524)

සිලාඝ

√ භු. කත්ථනෙ, ගුණකීමෙහි, සිලාඝති, ස්තුති කරයි, ගුණ කියයි. (පි. 524)

සිලාඝති

ක්‍රි. (√ භු. සිලාස, කත්ථනෙ, ගුණ කීමෙහි +ති) ගුණ කියයි, ස්තුති කරයි. (පි. 524)

සිලාඝන

න. ස්තුති කිරීම. (පි. 524)

සිලාචාර

පු. සීලයෙහි හැසිරීම. (පි. 525)

සිලාපොක්ඛරණී

ඉ. ගල් පොකුණ. (පි. 524)

සිලාමය

පු. ශෛලමය, ගලින්ම නිපන්. (පි. 524)