සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 925

සිලිට්ඨ

න. සිළුටු, මට්ටම, ගොරොසු නොවන (පි. 524)

සිලිස

√ දි. ආලිඞ්ගනෙ, වැළඳ ගැන්මෙහි, සිලිස්සති, වැළඳ ගැනීමෙහි, සිලෙසො.
√ භු. දාහෙ, දැවීමෙහි, සිලෙසති, දවයි. (පි. 524)

සිලුච්චය

පු. පර්‍වතය, පර්‍වත මුදුන, මස්තකය. (පි. 524)

සිලුත්ත

පු. ගැරඬියා, ගැඩවිලා. (පි. 524)

සිලෙස

පු. එක්වීම, වැළඳ ගැන්ම, එනම් අලඞ්කාරය.
√ චු. ආලිඞ්ගනෙ, වැළඳ ගැන්මෙහි, ඌනෙ, අඩුකිරීමෙහි, සිලෙසෙති, සිලෙසයති, වැළඳ ගනියි, අඩුකරයි. (පි. 524)

සිලෙසුම

පු. සෙම, සෙලස්මාව. (පි. 524)

සිලොක

√ භු. රාසි කරණෙ, රැස්කිරීමෙහි, සිලොකයති, රැස්කෙරෙයි, සිලොකො.
පු. යසස, වර්‍ණ ගුණ කීර්ත්තනය, ශ්ලෝකය. (පි. 524)

සිව

න. උතුම්, ඉෂ්ට, නිවන, සැපය.
පු. මහදෙවියා, ඊශ්වරයා. (පි. 524)

සිවවිජ්ජා

ඉ. සොහොනෙහි වාසය කරන විද්‍යාව, සිවල් රුක විද්‍යාව, සිවලුන්ගේ නාදයෙන් ඇතිවන ඵලාඵල කීමේ විද්‍යාව. (පි. 524)

සිවා

ඉ. කැණහිලා, නරියා. (පි. 524)

සිවාටිකා

ඉ. පොත්ත, කුඩා හෙප්පුව. (පි. 524)

සිවි

පු. එනම් රට. (පි. 524)

සිවිකා

ඉ. සිවිගෙය, රන්සිවිගෙය. (පි. 524)

සිවු

√ දි. ගමනෙ, සුස්සෙච, ගමනෙහිද වියලීමෙහිද සිබ්බති, යෙයි, වියලයි.
√ දි. තන්තුසන්තානෙ, නූල් ගැළපීමෙහි විවීමෙහි සිබ්බති, හිවයි, වියයි. (පි. 524)

සිස

√ චු. අසබ්බප්පයොගෙ, අසර්‍ව ප්‍රයොගයෙහි, සෙසෙති සෙසයති, ඉතුරු කරයි. සෙසො.
√ භු. පීඩනෙ, පෙළීමෙහි, සිස්සති, පෙළයි. (පි. 524)

සිස්ස

පු. ශිෂ්‍යයා, ගෝලයා. (පි. 524)

සිස්සති

ක්‍රි. (√ චු. සිස, අසබ්බප්පයොගෙ, අසර්‍ව ප්‍රයොගයෙහි +ති) අවසෙස වෙයි, ඉතුරු වෙයි. (පි. 524)

සිසි

√ භු. චුම්බනෙ, ඉඹීමෙහි. (පි. 524)

සිසිර

න. එනම් සෘතුව, හිම, සීතලය. (පි. 524)

සීකර

පු. වාතයෙන් විසුරුවන ලද ජලය. (පි. 525)

සීඝ

√ ත. දිත්තියං, බැබලීමෙහි, සීඝනොති, බබලයි.
න. ශීඝ්‍ර‍, වහා, හනික. (පි. 525)

සීඝවාහන

පු. සීඝ්‍ර‍ වාහනය, මොටෝරථාදිය. (පි. 525)

සීඝසර

පු. වහා යන ජලධාරාව. (පි. 525)

සීත

න. සීතල, සිසිල. (පි. 525)