සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 940

සුවණ්ණමෙණ්ඩක

පු. රන් එළුවා. (පි. 532)

සුවණ්ණවීථි

ඉ. රන්වීදිය, ශක්‍ර‍යාගේ නගරය. (පි. 532)

සුවණ්ණසිවිකා

ඉ. රන්සිවි ගෙය. (පි. 532)

සුවණ්ණහංස

පු. රන්වන් හංසයා, රණහස. (පි. 532)

සුවත්ථි

අ. ආසිංසනයෙහි, ඉෂ්ඨාර්ථය, යහපත. (පි. 531)

සුවල්ලී

ඉ. බෝදිගස්. (පි. 532)

සුවාණ(න)

පු. බල්ලා. (පි. 532)

සුවාණදොණි

ඉ. බල්ලන්ට කෑම දෙන බඳුන. (පි. 532)

සුවාණපිණ්ඩ

න. බල්ලන්ට දෙන කෑම පිඩ. (පි. 532)

සුවාණවමථු

න. බලු වමනය. (පි. 532)

සුවිජාන

න. මනාකොට දැනීම. (පි. 532)

සුවිඤ්ඤාපය

පු. මනාකොට හැඟවිය හැකි. (පි. 532)

සුවිදිත

ති. මනාව දන්නාලද, හොඳට දැනගත් (පි. 532)

සුවිලිත්ත

ති. මනාකොට ආලේපකරණ ලද මනාව ගල්වන ලද. (පි. 532)

සුවෙ

අ. සෙට, හෙට, හෙට දවස (පි. 532)

සුසංවුත

පු. මනාසංවෘත කරන ලද, මනා කොට සංවරණය කරන ලද. (පි. 532)

සුසද්දල

පු. මනාකොට වැඩුනු නිල්තෘණ ඇතිභුමිය. (පි. 532)

සුසමා

ඉ. උතුම් සොභාව, ශ්‍රේෂ්ඨ කාන්තිය (පි. 532)

සුසමාරුද්ධ

පු. මනාව පටන් ගන්නා ලද. (පි. 532)

සුසමාහිත

පු. මනාව සංසිඳුවන ලද. (පි. 532)

සුසවි

ඉ. කරවිල. (පි. 532)

සුස්සති

ක්‍රි. (√ දි. සුස, සොසනෙ, වියලීමෙහි +ති) වියලෙයි, වේලෙයි. (පි. 532)

සුස්සන

න. වේලීම වියලීම. (පි. 532)

සුස්සුත

පු. මනාකොට අසනලද, මනාව ශ්‍ර‍වණය කළ. (පි. 532)