සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 939

සුරියත්ථඞ්ගමනය

න. ඉර බැසීම, ඉර අවරට යෑම. (පි. 531)

සුරියමණ්ඩල

න. සූර්‍ය්‍යමණ්ඩලය. (පි. 531)

සුරියවත්තික

පු. හිරුදෙවියා පුදන්නා. (පි. 531)

සුරියාවත්ත

සූර්‍ය්‍යකාන්ත නම් ප්‍ර‍සිද්ධ මල්වර්‍ගය අත්ථසා-252. (පි. 531)

සුරියින්ද්‍රසඞ්ගම

පු. සූර්‍ය්‍යචන්ද්‍ර‍ සඞ්ගමය, සූර්‍ය්‍ය චන්ද්‍ර‍ දෙදෙනාගේ එක්වීම, අවපසළොස්වක් දින. (පි. 531)

සුරියුග්ගමන

න. හිරු උදාව, ඉර පෑයිම. (පි. 531)

සුරු

අ. සුරු සුරු යන අනුකරණ ශබ්දය. (පි. 531)

සුරුඞ්ග

න. අන්තර් භෞම මාර්‍ගය, පොළොව යට පිහිටි මඟ. (පි. 531)

සුරුසම්බ

පු. වජ්‍රායුධය. (පි. 531)

සුරුසුරුකාර

පු. සුරුසුරු යන අනුකරණ ශබ්ද කිරීම. (පි. 531)

සුල

√ භු. රුජායං, රිදීමෙහි, සුලති, රිදෙයි. (පි. 531)

සුලද්ධ

ති. මනාකොට ලබන ලද. (පි. 531)

සුලසී

ඉ. බෙහෙත් පැලෑටි විශේෂයක්. (පි. 531)

සුල්ල

√ චු. සජ්ජනෙ, සැරසීමෙහි, සුල්ලෙති, සුල්ලයති, සරසයි. (පි. 531)

සුව

පු. ගිරා පක්ෂියා, ගිරව. (පි. 531)

සුවච

පු. කීකරු, සුබ්බව, (පි. 531)

සුවණ්ණ

න. කාඤ්චන, රත්රන්, යහපත් වර්‍ණය.
පු. ස්වර්‍ණය, වර්‍ණසම්පත්තිය, පස් කලඳක බර, ගුරුළා. (පි. 531)

සුවණ්ණක

පු. ඇසළ ගස. (පි. 531)

සුවණ්ණකාර

පු. රන්කරුවා, නවම් දන්නා, රිදී රන් වැඩ කරන්නා. (පි. 531)

සුවණ්ණපක්ඛ

පු. රන්වන් පක්ෂි ඇත්තා, ගුරුළා. (පි. 531)

සුවණ්ණපට්ට

න. රන්පට. (පි. 531)

සුවණ්ණපනක

න. රන් ඔටුන්න, සුවර්‍ණ කිරීටය. (පි. 531)

සුවණ්ණපාදුකා

ඉ. රන්මිරිවැඩි සඟල. (පි. 531)

සුවණ්ණමය

ති. රත්රන්වලින් කළ, රන්මුවා. (පි. 531)