සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 941

සුස්සූස

ති. ඇසීමට කැමති, ඉගෙනීමට ආශා ඇති. (පි. 532)

සුස්සූසා

ඉ. අසනු කැමැත්ත, පාරිචර්‍ය්‍යාව අත්පා මෙහෙකිරීම. (පි. 532)

සුසාන

න. සොහොන, කැරකෝප්පුව. (පි. 532)

සුසානක

පු. සොහොනෙහි රැකියාවක් කරන්නා, සොහොන් පල්ලා. (පි. 532)

සුසානගොපක

පු. සොහොන් රකින්නා, සොහොන්ගොව්වා. (පි. 532)

සුසි

ඉ. සිදුර, පැල්ම, විවරය. (පි. 532)

සුසික්ඛිත

ති. සුශික්ෂිත, මනාව හික්මෙනලද.
ති. මනාව හික්මුණු, හොඳට හික්මුණු. (පි. 527)

සුසිර

න. සිදුර, සිදුරු සහිතදේ, තූර්‍ය්‍යවිශේෂයක්. (පි. 532)

සුසීත

න. රන්වන් සඳුන්, අධික සීතලය (පි. 532)

සුසුක

පු. කිඹුලා, බාලයා, මත්ස්‍ය විශේෂයක් (පි. 532)

සුසුනාග

පු. ඇත් පැටියා, ළදරු ඇතා. (පි. 532)

සුසූ

ති. තරුණයා, පැටියා, ලපැටියා. (පි. 532)

සුසෙන

පු. කරඹ ගස. (පි. 532)

සුසෙනිකා

ඉ. කලුත්‍ර‍ස්තවාලු. (පි. 532)

සුහතා

ඉ. ප්‍රීතිමත් භාවය, ප්‍රිතිය, සතුට. (පි. 532)

සුහද

පු. මිත්‍ර‍යා, සුහෘදයා, යාලුවා. (පි. 532)

සුහිත

න. තෘප්තියට පැමිණි, මනා හිත ක්‍රියා. (පි. 532)

සූක

න. නන්ඩුව, කොස්ස, සාලිසූක. යවසූකාදිය. (පි. 532)

සූකර

පු. ඌරා, හූරා. (පි. 532)

සූකර අන්තක

පු. බඳපටි-හවඩි හා මෙඛලාදාම ආදි ආභරණ විශේෂයක්. (පි. 532)

සූකරපොතක

පු. ඌරු පැටවා, ඌරු නාම්බා (පි. 532)

සූකරමංස

න. ඌරු මස්. (පි. 532)

සූකරමද්දව

පු. ඌරෙකුගේ මෘදු මාංසය, ඌරන් ලැඟි තැන හටගන්නා හතු වර්‍ගයක්, එනම් බෙහෙතක්. (පි. 532)

සූකරසාලි

ඉ. ඌරුහැල්, කැලේ හැදෙන ඇල්වී විශේෂයක්. (පි. 533)