සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 943

සූපකාර

පු. අරක්කැමියා, භත්ත කාරයා. (පි. 533)

සූපධාරිත

ති. මනාකොට පරීක්ෂා කළ ප්‍ර‍සිද්ධ ප්‍ර‍කට. (පි. 533)

සූපව්‍යඤ්ජන

න. ව්‍යඤ්ජන, මාලුව. (පි. 533)

සූපික

පු. අරක්කැමියා, උයන්නා. (පි. 533)

සූපෙය්‍ය

න. සුප්, බොන හොද්ද. (පි. 533)

සූපෙය්‍යපණ්ණ

න. ව්‍යඤ්ජන සඳහා ගන්නා කොළ වර්‍ග. (පි. 533)

සූපෙය්‍යසාක

න. ව්‍යඤ්ජන පිණිස ගන්නා පලා වර්‍ග. (පි. 533)

සූර

√ චු. වික්කමෙ, වික්‍ර‍මයෙහි, සූරෙති, සූරයති, වික්‍ර‍මකම් කරයි.
පු. සූරයා, වීර්‍ය්‍යවන්තයා, හිරු ඉරු, යෝධයා. (පි. 533)

සූරකථා

ඉ. සූරයන් පිළිබඳ කථා. (පි. 533)

සූරකාක

පු. කෛරාටික කපුටා. (පි. 533)

සූරත

ති. කරුණා සම්පන්නයා, කුළුණු ගුණැත්තා. (පි. 533)

සූරභාව

පු. ශූරබව, දක්ෂභාවය. (පි. 533)

සූරසූත

පු. හිරුපුත්‍ර‍යා, අරුණ. (පි. 533)

සූරි

ති. දක්ෂ, ව්‍යක්ත. (පි. 533)

සූරිය

ති. වික්‍ර‍මය, නිර්භීතකම, ධෛර්‍ය්‍යය. (පි. 533)

සූල

න. උල, රුජාව, රුදාව, ආයුධ විශේෂයක්.
√ භු. රුජායං, රුදාවෙහි, සුලති රිදෙයි සුළං. (පි. 533)

සූලි

පු. ඊශ්වරයා, මහදෙවියා. (පි. 533)

සූසූයති

ක්‍රි. (√ භු. සූ. සද්දෙ ශබ්දකිරීමෙහි +ති) සූසූ යන ශබ්ද කරයි. (පි. 533)

සෙ

√ භු. ඛයෙ, ක්ෂයවීමෙහි, සීයති, ක්ෂය වෙයි.
√ භු. පාකෙ, පිසීමෙහි, සෙති, පිසයි.
√ භු. ඛයෙ, ක්ෂය වීමෙහි, සායති, ක්ෂය වෙයි. (පි. 534)

සෙක

පු. ජිවක ද්‍ර‍ව්‍යය.
√ භු. ගමනෙ, යාමෙහි, සෙකති, යෙයි. (පි. 534)

සෙක්ඛ

පු. ශෛක්ෂයා, හික්මෙන්නා. (පි. 534)

සෙඛ

පු. හික්මීම සහිත පුද්ගලයා, රහත් ඵලය හැර ඉතිරි මගපලයන්ට පැමිණි පුද්ගලයා, සප්තවිධ ආර්‍ය්‍යයා.
√ භු. සෙචනෙ ඉසීමෙහි, සෙචති, ඉසියි. (පි. 534)

සෙඛබල

න. ශෛක්ෂබලය. (පි. 534)

සෙඛර

පු. මුදුන් මල්කඩ, කිරීටයෙහි පළඳින මල්කඩ. (පි. 534)