සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 954

හත්ථිකන්තවීණා

ඉ. හස්තිකාන්ත වීණාව.
ඉ. හස්තිකාන්ත වීණාව, මේ වීණා හඬින් ඇතුන් ප්‍රීතියට පත්වෙයි. (පි. 539)

හත්ථිකර

පු. ඇත්සොඬ, ඇත්කර. (පි. 539)

හත්ථිකලභ

පු. ඇත්පොව්වා, ඇත්පැටියා. (පි. 539)

හත්ථික්ඛන්ධ

පු. ඇත්කඳ, හස්තිපෘෂ්ටය. (පි. 539)

හත්ථිකුම්භ

පු. ඇත්කුඹ. (පි. 539)

හත්ථිකුල

න. ඇත්කුලය, හස්තිවංශය. (පි. 539)

හත්ථිගොපක

පු. ඇත්ගොව්වා. (පි. 539)

හත්ථිඝටා

ඉ. ඇත්සමූහය, ඇත්රැළ, යුද පිණිස ගෙන යන ඇත්සමූහය. (පි. 539)

හත්ථිච්ඡාප

පු. කිරිබොන ඇත්පැටියා. (පි. 539)

හත්ථිදම්ම

පු. ඇතුන් දමනය කරන්නා, හස්ත්‍යාචාර්‍ය්‍යයා. (පි. 539)

හත්ථිනඛ

පු. එනම් ගෘහවිශේෂය, කනුමුල්හි ඇත්හිස ඇතිවන සේ හැදු මන්දිරය. (පි. 539)

හත්ථිනිකා

ඉ. කුඩා ඇතින්නී. (පි. 539)

හත්ථිනී

ඉ. ඇතින්නී, ඇත්දෙන. (පි. 539)

හත්ථිප

පු. ඇත්ගොව්වා, කුරුනෑකයා. (පි. 539)

හත්ථිප්පභින්න

න. නපුරු ඇතා, භයංකාර හස්තියා. (පි. 539)

හත්ථිපාකාර

න. හස්තිප්‍රාකාරය, ප්‍රාකාරයක් මෙන් සිටුවනලද ඇත්වළල්ල, හස්තිරූපයෙන් යුක්ත කොට කොටකරණ ලද ප්‍රාකාරය. (පි. 539)

හත්ථිමාරක

පු. ඇත්මරුවා, හස්තිමාරකයා. (පි. 539)

හත්ථිමෙණ්ඩ

පු. ඇත්ගොව්වා. (පි. 539)

හත්ථියාන

න. ඇත්යානාව. (පි. 539)

හත්ථිරව

පු. හස්තිරාවය, ඇත්හඬ. (පි. 539)

හත්ථිරූපක

න. ඇත් පිළිරුව, සෙල්ලම් පිණිස තැනූ ඇත්රුව. (පි. 539)

හත්ථිලණ්ඩ

න. ඇත්බෙටි, ඇත් ඉලැත්තිය. (පි. 539)

හත්ථිලිඞ්ග

න. ඇත්කඳ ලිහිණියා. (පි. 539)

හත්ථිලිඞ්ගසකුණ

පු. ඇත්කඳ ලිහිණියා. (පි. 539)