සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1058
ප්රාණත්යාගය
නා. ප්‍රාණ අත්හැර දැමීම ; සියදිවි නසා ගැනීම ; මරණය.
ප්රාණදායී
වි. පණ ගෙන දෙන ; ප්‍රාණය.
ප්රාණනාථයා
නා. ජීවිතයේ ස්වාමියා ; ස්වාමිපුරුෂයා.
ප්රාණනායිකාව
නා. පණ බඳු වූ ප්‍රධාන ස්ත්‍රිය.
ප්‍රාණනාලිය
නා. ජීවබලය වැඩුණු ස්ථානය ; ජීවනාලිය.
ප්රාණබීජ
නා.ප්‍ර. ජීවාණුව ; සෛලය.
ප්රාණභය
නා.ප්‍ර. පණ අහිමි වෙතැයි යමකුට ඇති වන බිය ; මරණ බිය.
ප්‍රාණභුක්තිය
නා. ජීවත් ව සිටින තාක් පරිභෝග කිරීමේ අයිතිය ; දිවි ඇති තෙක් පරිහරණය කිරීමේ අයිතිය.
ප්‍රාණය
1. නා. උපතේ සිට මරණය තෙක් ජීවත්වීමේ ක්‍රියාකාරී ශක්තිය ; ජීව ශක්තිය; ජීවිතේන්ද්රිය.
2. සිරුර තුළ සිට මුව නාසිකා දෙකින් පිටවන වාතය.
3. හුස්මක් ඇද හෙළන කාලය.
4. අලංකාර රහිත ව ද කව් සිරුර හොබවන ශ්ලේෂ ආදි දශ වැදෑරුම් ලක්ෂණ , කාව්‍යයක ශබ්ද-අර්ථ ශෝබාව ඇති කරන ගුණය.
ප්‍රාණවත්
1. වි. පණ ඇති ; ජීවය සහිත.
2. නැගී සිටි ; කෙළින් සිටි.
ප්‍රාණායාමය
නා. ආශ්වාස-ප්‍රශ්වාස දෙකෙහි ගමන වැළකීම ; ප්‍රාණ වායුව පිළිබඳ ස්වාභාවික ගමන නිරුද්ධ කිරීම.
ප්රාතඃකාලය
නා. ඉරිමා උදය ; උදෑසන ; අලුයම.
ප්රාතිකුල්යය
නා. පිළිකුල ; අප්‍රිය.
ප්රාතිපදිකය
නා. ධාතුවක් හෝ ප්‍රත්‍යයක් නොවූ අර්ථවත් ශබ්ද ප්‍රකෘතිය; නාම ප්‍රකෘතිය.
ප්රාතිභාඥානය
නා. ඉබේ වටහා ගැනීමේ ශක්තිය ; වහා වැටහෙන නුවණ ; ප්රාතිභානය.
ප්රාතිමෝක්ෂ සංවර ශීලය
නා. සතර සංවර ශීලයෙන් පළමුවැන්න ; බුදුන් වහන්සේ පැනවූ විනය ශික්ෂාපද රැකීමේ ශීලය.
ප්රාතිහාර්යය
1. නා. මනුෂ්‍යත්වය ඉක්ම වූ සෘද්ධි බලයෙන් ඉටු කරන ආශ්චර්යමත් ක්‍රියාව ; උත්තර-මානුෂික ක්‍රියාව ; පෙළහර.
2. හාස්කම ; පුදුමය ; ආශ්චර්යය.
3. දුෂ්කර කාර්යය.
ප්රාතුර්භවනය
නා. පහළවීම ; පෙනීමට සැලසීම ; හටගැන්ම ; පාදුර්භවය.
ප්‍රාථමික
වි. ප්‍රථම අවස්ථාවට අයත් ; මුලින් වූ ; මුල් අවධියට අයත් ; මූලික.
ප්‍රාථමික අධ්‍යාපනය
නා. පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්තිවල ලබාදෙන අධ්‍යාපනය.
ප්‍රාථමික නඩු විභාගය
(පාරිභා.) නා. (බරපතළ අපරාධ නඩු සම්බන්ධයෙන්) පහළ උසාවියේ දී පැවැත්වෙන නඩු ඇසීම.
ප්‍රාථමික පාඨශාලාව
නා. පාඨශාලා අධ්‍යාපනයේ මූලික ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අධ්‍යාපන ආයතනය ; ප්‍රාථමික පාසල.
ප්‍රාථමික වර්ණ
නා.බහු. මූලික වර්ණ ; පාට වර්ග මිශ්‍ර කිරීමෙන් තනා ගත නොහැකි පාට වර්ග ; රතු, කහ සහ නිල්.
ප්රාදුර්භූත
වි. පහළ වූ ; ප්‍රකාශයට පැමිණි.