සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1057

ප්‍රාග්ධන සංචිතය

නා. රඳවාගත් ඉපැයුම් හා වෙනත් මාර්ගවලින් ලැබුණු එහෙත් ලාභාලාභ ගිණුම මගින් කොටස් හිමියන් වෙත බෙදා දීමට අවසර නොමැති අරමුදල්.

ප්‍රාග්ධන සාධකය

නා. ප්‍රාග්ධනයේ බලපෑම.

ප්‍රාග්ධනය

නා. ව්‍යාපාරයක ආයෝජනය කර ඇති මුදල් හා භාණ්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා පාවිච්චි කෙරෙන ආර්ථික සම්පත ; භාණ්ඩ නිෂ්පාදනය සඳහා යෙදෙන යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, මුදල් ආදිය ද ඇතුලු වූ සම්පූර්ණ වත්කම ; මූලධනය.

ප්‍රාග්භාර

වි. ඉදිරියට නැමුණු ; පෙරට බර.

ප්‍රාග්භාර දසකය

නා. මනුෂ්‍යයාගේ වයස අවුරුදු හැට පටන් හැත්තෑව තෙක් කාලය ; ශරීරය ඉදිරියට නැමී යන දස වර්ෂය.

ප්‍රාග්භාරය

නා. ඉදිරියට නෙරාගිය කොටස ; කඳු පර්වත ආදියෙහි බෑවුම්වල පිටට නෙරාගිය කොටස ; කඳු ප්‍රාන්තයක නෙරුම.

ප්‍රාග්භාවය

නා. පළමු හටගැනීම; පළමු කොට ම සිදුවීම.

ප්‍රාගානුභූත ඥානය

නා. තර්ක ඥානය ; ආනුභවික බවෙන් තොර දැනීම.

ප්‍රාගුණ්‍යතාව

නා. ප්‍රගුණභාවය ; පුහුණු කළ බව ; දියුණු බව.

ප්‍රාගෛතිහාසික

[ප්‍රාග් + ඓතිහාසික]
වි. ඉතිහාසයේ මුල් ම යුගයට අයත්.

ප්‍රාචාර්යයා

නා. ගුරුන්ගේ ගුරුවරයා ; පෙර ඇදුරු ; ගුරුන්ට ගුරු.

ප්‍රාචීන

වි. නැගෙනහිරින් වූ ; පෙරදිග වූ ; පෙරදිගට අයත්.
නා.ප්‍ර. නැගෙනහිර දිශාව ; පෙරදිග.

ප්‍රාචීන භාෂා

නා.ප්‍ර. සිංහල, පාලි, සංස්කෘත ද ඇතුළු ව, දකුණ සහ පෙරදිග ආසියා ප්‍රදේශයට අයත් පුරාණ සහ නූතන භාෂා.

ප්‍රාචීනය

නා. පෙරදිගට අයත් තැනැත්තා ; නැගෙනහිර දිග වැසි පුද්ගලයා.

ප්‍රාඥ

වි. නුවණ ඇති ; බුද්ධි සම්පන්න ; විචක්ෂණ.

ප්‍රාඥයා

නා. නුවණැත්තා ප්‍රඥාවන්තයා ; බුද්ධිමතා.

ප්‍රාණ

1. නා.ප්‍ර. ගල ; පර්වතය.
2. බාහුවේ අග කොටස ; අත ; හස්තය.
3. පණ ; ප්‍රාණය.

ප්‍රාණ ඇපකරුවා

නා. තම ඉල්ලීම් ඉටු නොකළහොත් මරා දමන බවට තර්ජනය කරමින් යමෙකු හෝ යම් කණ්ඩායමක් විසින් හෝ එයට ඇප වශයෙන් සිර අඩස්සියේ රඳවාගෙන සිටින පුද්ගලයා.

ප්‍රාණ උදාන වාතය

නා. මරණයට ළං ව පණ අදින අවස්ථාවේ දී ඉහළට ගන්නා හුස්ම.

ප්‍රාණ පරිත්‍යාගය

නා. (අනිකකු වෙනුවෙන්) ජීවිතය අත්හැරීම ; මරණයෙන් ජීවිත පරිත්‍යාගය.

ප්‍රාණකාරයා

1. නා. මෙලොව ජීවත් ව සිටි පුද්ගලයාට මිය යෑමෙන් පසු ව්‍යවහාර වන නාමය ; මළ පුද්ගලයා ; මියගිය තැනැත්තා.
2. තොවිල් ආදියේ දී ආතුරයාට ව්‍යවහාර නාමය.

ප්‍රාණඝාතය

නා. (පස් පව්වලින් එකක් වශයෙන් ගැනෙන) පර පණ නැසීම.

ප්‍රාණජීවය

නා. ප්‍රාණේන්ද්‍රිය ; ජීවිතේන්ද්‍රිය ; ජීවය ; ප්‍රාණය.

ප්‍රාණත්වාරෝපණය

නා. පණ ඇතියවුන් බවට පත්කිරීම ; ප්‍රාණවත්භාවයට නැංවීම.