සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1056
ප්‍රාංශු
වි. උස් වූ ; උත්තුංග වූ.
ප්‍රාංශු දේහධාරි
වි. උස් වූ දේහයක් දරන්නා වූ ; උත්තුංග ශරීරයක් ඇති.
ප්‍රාක්
උ. පැරණි වූ ; අතීතයට අයත් වූ ; පළමුවෙන් වූ ; පෙරටුව පිහිටි.
ප්‍රාක්-අනුභූත
නා.ප්‍ර. මුල දී පොළොවට උරාගත් රසය.
ප්‍රාක්-කේම්බ්‍රීය
වි. කේම්බ්‍රීය යුගයට පෙර පැවති ; ආකීය යුගයට අයිති.
ප්‍රාක්-චක්‍රය
නා. අතිපෞරාණික අවධියෙහි තාරකා ගමන් කළ මාර්ගය ; ප්‍රාක් කාලීන තාරකා චක්‍රය.
ප්රාක්තන
වි. පෙර වූ ; පැරණි වූ ; පුරාතන වූ ; පෞරාණික වූ.
ප්රාක්තන කර්මජ
වි. මුලින් කරන ලද ක්‍රියාවලින් ජනිත වූ ; පූර්ව කර්මයෙන් හටගන්නා වූ.
ප්රාක්තනයා
නා. පුරාණාචාර්යවරයා ; පොරණැදුරා ; පෞරාණිකයා.
ප්රාක්ප්ලාස්ම
නා.ප්‍ර. ජීවියාගේ සෛලයන් සෑදී තිබෙන අංශු විශේෂය ; න්‍යෂ්ටිය පරිවාර කොටගත් ජල්ලිය ; අංශු ජාලිකය.
ප්‍රාකාර පරිඛා
නා.ප්‍ර. නගරයක් වටා බඳනා ලද පවුරට පිටතින් කැණ දිය පුරවා ලු අගල ; තාප්පය හා දිය අගල.
ප්‍රාකාරය
නා. නුවරක් හෝ මැදුරක් හෝ සිසාරා බඳිනු ලබන තාප්පය ; පවුර ; ආරක්ෂක වලය.
ප්රාකෘතික
වි. ස්වාභාවික වූ ; ප්‍රකෘතියෙන් පවත්නා වූ ; පියවි වූ.
ප්රාකෘතික විඥානය
නා. ස්වභාව ධර්මය පිළිබඳ ව (කවියකු කෙරෙහි පැවති) ගැඹුරු දැනුම ; නෛසර්ගික ඥානය සොබාදහම පිළිබඳ වැටහීමේ නුවණ.
ප්‍රාගනුභූත
නා. සියලු ම සිතුවිලිවලින් බාහිර ව පවා වලංගු වන නිගමන හා සිද්ධාන්ත පිළිබඳ වූ ; තර්කයෙන් පමණක් දැනගත හැකි.
ප්‍රාගභාවය
[ප්රාග් + අභාවය]
නා. යමක් ඇතිවීමට පෙර එහි අභාවය ; පෙර නොතිබීම.
ප්‍රාගල්භ්‍ය
1. නා.ප්‍ර. උඩඟු බව ; මානය ; අහංකාර පරවශභාවය.
2. බුහුටි බව ; දක්ෂභාවය ; චාතුර්යය.
ප්රාග් ජීවියා
නා. ජීවීන් අතරින් පහත්තම වූ ද සරලතම වූ ද ඒක සෛලයා.
ප්රාග් බෞද්ධ
වි. ආදි කාලීන බෞද්ධ යුගයෙහි වූ ; බෞද්ධ ඉතිහාසයේ මුල්ම යුගයට අයත්.
ප්රාග් භාජක
වි. මුලින්ම බෙදුණු ; පළමුවෙන්ම බෙදී ගිය.
ප්රාග් භාජකය
නා. සනාල ශාකවල කඳේ හා මුලේ වර්ධක ස්ථානයට මඳක් පිටිපස්සෙන් මධ්‍ය ජනකයේ දී පට බවට වෙන් වන දිග පටු සෛලවලින් යුක්ත වූ ද තවදුරටත් වර්ධනය වීමෙන් සනාල පටකය බවට පත්වන්නා වූ ද පටකය.
ප්රාග්-වෛදික
වි. වෛදික යුගයට පෙර වූ ; වෛදික යුගයටත් වඩා අතීතයට අයත්.
ප්‍රාග්ධන ආයෝජනය
නා. ව්‍යාපාරයක් සඳහා මූලික ධනය යෙදවීම.
ප්‍රාග්ධන වෙළඳපොළ
නා. ව්‍යාපාරික කටයුතු සඳහා මුදල් යොදවන බැංකුව හෝ ආයතනය.