සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1055
ප්‍රසිද්ධ කරනවා
1. ක්‍රි. ප්‍රචාරය කරනවා ; පතුරුවා හරිනවා ; දැනුම් දෙනවා.
2. පොත් පත් ලිපි ලේඛන මුද්‍රණය කොට පළ කරනවා ; පුවත්පත් සඟරා ආදියෙහි පළ කරනවා.
ප්‍රසිද්ධ දැන්වීම
නා. මහජනයාගේ දැන ගැනීම සඳහා ප්‍රකාශයට පත් කරන (රජයේ) නිවේදනය.
ප්‍රසිද්ධ වෙන්දේසිය
නා. මිල ක්‍රමක්‍රමයෙන් ඉහළ නගින්නට සලස්වා හැකි තරම් උපරිම මිලක් ගැනීමට ප්‍රසිද්ධියේ කරන වෙළඳාම ; ප්‍රසිද්ධියේ කරන වෙන්දේසිය.
ප්‍රසිද්ධිය
1. නා. බොහෝ දෙනා දන්නා හඳුනන බව ; පරසිදු බව ; ප්‍රකට බව ; පතළ බව.
2. කීර්තිය.
ප්‍රසූත
1. වි. උපත ලැබූ ; බිහි වූ ; හටගත් ; ජනිත වූ ; වැදූ.
වි. යෙදුණු ; නියුක්ත ; ප්‍රවෘත්ත.
නා.ප්‍ර. මිනුම් ප්‍රමාණයක්; දෝතින් අඩ ; පලම් දෙකක් බර ප්‍රමාණය.
ප්‍රසූතය
නා.ප්‍ර. දරු උපත ; මවු කුසින් දරුවකු බිහි කිරීම ; දාරකෝත්පත්තිය.
ප්‍රසූතිකාගාරය
නා. ප්රසූතිකාවන් සඳහා වූ නේවාසික ස්ථානය ; දාරකෝත්පත්තිය සඳහා වෙන් කළ නිවාසය ; මාතෘ නිවාසය.
ප්රසූතිකාව
නා. අලුත් දරුවකු බිහි කළ ස්ත්‍රිය ; ගැබ්බරින් මිදුණු ස්ත්‍රිය.
ප්රසූන
නා.ප්‍ර. මල් ; පුෂ්ප. ප්‍රසෘත
ප්‍රසේවකය
(පාරිභා.) නා. කුඩා ආශය ; ආශයිකාව.
ප්රසේවය
(පාරිභා.) නා. ආශය ; මුත්‍රාශය ; කෝෂය.
ප්‍රහත
වි. පැරද වූ.
ප්‍රහරණය
1. නා. සතුරු සෙනඟක් ආක්‍රමණය කිරීම; යුද වැදීම.
2. යම් කිසිවක් වේගයෙන් තවත් දෙයක හැපෙන්නට සැලැස්වීම ; ගැසීම.
3. පහරදීම සඳහා උපයෝගී කරගනු ලබන උපකරණය ; ආයුධය ; අවිය.
4. රාශි චක්‍රයේ නවවැනි රාශිය ; ධනු රාශිය.
5. දවස බෙදනු ලබන සත් පැය හමාරක කාල පරිච්ඡේදය.
6. තදබල ශාරීරික හෝ මානසික හෝ වේදනාවක් නිසා ඇති වන කායික චෛතසික අවපීඩනය.
ප්‍රහර්ෂය
1. නා. අධික සන්තෝෂය ; සිත ඉතා බලවත් ලෙස පිනා යෑම ; අතිමාත්‍ර උද්දාමය ; ප්‍රහර්ෂණය.
2. නාට්යාලංකාර තිස් තුනෙන් එකක්.
ප්රහසිත
වි. බලවත් සතුටට පත් ; අතිශය ප්‍රීතියට පැමුණුනු ; මහත් ලෙස ප්‍රමෝදවත් වූ.
ප්රහාණය
නා. දුරු කිරීම ; නැති කිරීම ; නැසීම ; ප්‍රහීණ කිරීම.
ප්‍රහාරක
නා.ප්‍ර. ගසන්නා ; පහර දෙන්නා.
ප්රහාරණය
නා. කායික මානසික අව පීඩනය ; කම්පනය.
ප්‍රහාරය
1. නා. පහර ; පහර දීම; ගැසීම ; බලය යොදා ගසන පහර.
2. යුද්ධය ; සටන
3. කම්පනය ; තිගැස්සීම.
ප්‍රහාසය
නා. සිනාව ; සතුට ; ප්‍රීතිය.
ප්‍රහීණ
වි. නසන ලද ; දුරු කළ; විනාශ කළ ; ප්රහාණය කළ.
ප්‍රහීණය
නා. නැති කිරීම ; විනාශ කිරීම ; දුරු කිරීම ; ප්‍රහාණ කිරීම.
ප්‍රහේලිකාව
1. නා. සැඟවුණු අරුත් ඇති වගන්තිය ; ගැළපෙන වචන තෝරා යෙදීම් ආදියෙන් විසඳිය යුතු ගැටලුව ; තේරවිල්ල ; තුන් තේරවිල්ල.
2. අදහස මුවහ වන සේ රචනා කර ඇති විචිත්‍ර පද්‍ය විශේෂය ; ගූඪ ප්‍රශ්න ඇතුළත් ගීතය.
3. විසඳා ගත නොහැකි තත්ත්වය (ඇති සැටියෙන්) නොවැටහෙන අවුල; ගැටලුව.