සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1059
ප්‍රාදේශීය
වි. ප්‍රදේශයකට අයත් වූ ; ප්‍රාදේශික ; පෙදෙසකට අයත්.
ප්‍රාදේශීය ආදායම් නිලධාරි
නා.ප්‍ර. දිස්ත්‍රික්කයක් තුළ බෙදා වෙන් කරන ලද කොට්ඨාසයෙහි රජයට ආදායම් ලබාදෙන පාලන නිලධාරියා.
ප්‍රාන්ත
වි. ප්‍රදේශ රාජ්‍යයකට අදාළ හෝ සම්බන්ධ ප්‍රාන්තයෙහි පිහිටි ; ප්‍රාන්තයෙහි වාසය කරන.
ප්රාන්තඥාන
නා.ප්‍ර. කෙළවර දක්වා විහිදී ගිය බුද්ධිය ; පරිසමාප්ත ඥානය.
ප්‍රාන්තය
1. නා. කෙළවර ; අයින ; මායිම ; ඉම.
2. සමීප ප්‍රදේශය ; තදාසන්න ප්‍රදේශය ; අවට පෙදෙස.
3. පාද භූමිය ; බෑවුම ; පල්ලම.
ප්රාපණය
නා. පැමිණවීම ; මඟ දැක්වීම.
ප්‍රාප්ත
වි. පැමිණි ; එළඹි ; ලබාගත්.
ප්‍රාප්ත කරනවා
ක්‍රි. පමුණුවනවා ; එළඹීමට සලස්වනවා ; ලබාගැනීමට සලස්වනවා.
ප්‍රාප්ත කාලය
නා. එළඹි කාලය ; සුදුසු කාලය ; උචිත ඍතුව.
ප්‍රාප්තයා
නා. පැමිණි තැනැත්තා ; ලබාගත් තැනැත්තා.
ප්‍රාප්තව්‍ය
වි. පැමිණිය යුතු වූ ; ලබාගත යුතු වූ ; ළඟාකර ගත යුතු වූ.
ප්රාප්ති
වි. පැමිණි ; පත් ; එළඹි.
1. නා.ප්‍ර. පැමිණීම ; එළඹීම; පත්වීම.
2. ශරීරය මහත් හෝ කැමති තැනකට ගමන සිද්ධ කරන්නා වූ ඍද්ධිමය ගුණය.
3. ගමන.
4. ලාභය.
5. පින ; කුශලය.
ප්රාප්තිදානය
1. නා. අන්‍යයන්ට (විශේෂයෙන් මියගිය අයට) පින් පැමිණවීම සඳහා දෙනු ලබන දානය ; අනුන් උදෙසා දෙන දන ; මෙරමා වෙනුවෙන් දෙන දක්ෂිණාව.
2. තමා විසින් කළ පින අනුනට අනුමෝදන් කරවීම ; පින් දීම.
3. පින් දෙන අවස්ථාවෙහි දෙන තැනැත්තාට ඇති වන දාන චේතනාව.
ප්රාප්යමාණ
වි. පැමිණිය හැකි ; එළඹිය හැකි.
ප්රාබල්යය
නා. බලවත්කම ; දැඩි ශක්තිය ; ප්‍රබල භාවය.
ප්රාභෘත
නා.ප්‍ර. තෑග්ග ; පඬුර.
ප්රාමාණ්ය
වි. සාක්ෂ්‍ය මගින් තහවුරු වන ; අධිකාර බල සහිත ; පිළිගත හැකි වන ; උසස් බවින් යුත් ; සම්මුතියට අදාළ.
ප්රාමාණ්යය
1. නා. සම්මුතිය; පිළිගත් දෙය ; ප්‍රමාණ කොට ගත හැකි දෙය ; සාක්ෂ්‍ය මගින් තහවුරු වන දෙය.
2. නීතියෙහි ලා දැක්වෙන අධිකාරය ; බලය.
ප්රාමාණ්යයා
නා. ප්රාමාණ්ය තත්ත්වයක් දරන තැනැත්තා.
ප්‍රාමාණාත්මක
වි. සම්මත මිම්මකට අදාළ.
ප්‍රාමාණික
1. වි. න්‍යාමක ; ආනුභවික නොවන.
2. සාමාන්‍ය ප්‍රමිති ප්‍රමාණයේ වෙනසක් නැති.
3. සම්මත ; අදාළ කාරණයට මාණකයක් වශයෙන් යොදා ගත හැකි.
4. ශක්තිය දන්නා වූ; ද්‍රාවණයක් වැන්නක සංයෝගයෙහි යථා ස්වභාවය නොහොත් ප්‍රමාණය අවබෝධ කළ හැකි.
5. පිළිගත හැකි ; නිදසුන් සහිත ව ඔප්පු කළ හැකි.
6. ප්‍රමාණවත් නුවණක් ඇති.
ප්‍රාමාණික විද්‍යාව
(පාරිභා.) නා. 1. ප්‍රමාණකොට ගත හැක්කක් හෝ තත්ත්වයක් ප්‍රතිෂ්ඨාපනය කරන ශාස්ත්‍රය.
2. දාර්ශනික ප්‍රමාණයන් ඇති කරන ශාස්ත්‍රය.
ප්රාමාණිකත්වය
නා. ප්‍රමාණවත් බව ; සම්මතය ; සම්මතයකට පොහොනා තරම.
ප්‍රාමාණිකයා
නා. ප්‍රමාණ කොට ගත හැකි තරම් වූ පණ්ඩිතයා ; ප්‍රාඥයා ; පණ්ඩිතයා.